IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හමුදා යැවීමේ අදහසක් නැහැ

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළත්, රුසියන් හමුදා සමඟ සටන් කිරීමට, නේටෝ හමුදා යුක්රේනයට යැවීමේ කිසිදු අදහසක් නැතැයි ‘නේටෝ’ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් කියයි.

‘නේටෝ’ මහ ලේකම්වරයා මෙසේ කීවේ, බීබීසී පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය. යුක්රේනය නේටෝ සාමාජිකයකු නොවන බැවින්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කළත්, නේටෝ හමුදාවට යුක්රේනයට ගොස් රුසියන් හමුදා සමඟ සටන් වැදීමට අයිතියක් නොමැති බව නේටෝ මහලේකම්වරයා පැහැදිලි කළේය.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ව පිහිටුවා ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල එකමුතුවෙනි. ඒ, රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ නැගී සිටීමටය.

යුක්රේනය යනු රුසියාවේ අසල්වැසියාය. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණු අතර සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු යුක්රේනය වඩාත් සමීප වූයේ යුරෝපා රටවලටය. යුක්රේනය ‘නෝටෝ’ සංවිධානය සමඟ ද සමීපව කටයුතු කරයි. ‘නේටෝ’ සාමාජිකත්වය ද අපේක්ෂා කරයි.

රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත්තේ මෙයයි. රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි හමුදා දහස් ගණනින් යුක්රේන දේශසීමාවේ රැඳී සිටින්නේ මේ නිසාය. ඇමෙරිකා බුද්ධි අංශ පෙන්වා දී ඇත්තේ, පෙබරවාරිය වනවිට රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය.

රුසියාව දිගින් දිගටම ඇමෙරිකාවෙන් සහ නේටෝ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා නොදෙන ලෙසත්, යුක්රේනය ‘නේටෝ’ සංවිධානය සමඟ පවත්වන සබඳතා වහා නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්ය. මෙම කොන්දේසිවලට ඇමෙරිකාව තරයේ විරෝධය පළ කර තිබේ.

නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් පවසා ඇත්තේ, රුසියාව සමඟ සාකච්ඡා කරමින්, නිර්මාණය වී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට තමන් පියවර ගන්නා බවය.

(රොයිටර්)



අදහස් (0)

හමුදා යැවීමේ අදහසක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2287 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site