ගතවුණු 20 වසරක කාලය පුරා ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදාවට සහාය දක්වූ භාෂා පරිවර්තකයන් ද ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියන් සියලු දෙනා විශේෂ ගුවන් යානා යොදා ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය තීරණය කර තිබේ.
ඇමෙරිකා වීසා ලබාගෙන එරටට ගෙන යනු ලැබූ ඇෆ්ගන් වැසියන් ගණන දහසකට වැඩි යැයි ද පැවැසෙයි. වීසා ලබා දීම සඳහා ඇයැදුම්පත් ලබා ගැනීම සහ ඊට අදාල කටයුතු සියල්ල පසුගිය ජූනි මාසයේ සිට ආරම්භ වූ බවත්, ඇෆ්ගන් තානාපති කාර්යාලය හරහා එම කටයුතු කඩිනමින් සිදු කෙරුණු බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාව, ඔවුන්ට හිතවත් ඇෆ්ගන් වැසියන් ගෙන්වා ගත්තේ, තලේබාන් ත්‍රස්තවාදීන්ගෙන් එම සිවිල් වැසියන්ගෙන් පළිගැනීමට ඉඩ ඇති බැවිනි.
මේ වනවිට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම ආරම්භ කර ඇති අතර, තලේබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගන් නගර සහ දේශසීමා පිවිසුම් අත්පත්කරගෙන සිටින බව වාර්තා වේ.
ඇෆ්ගන් භූමියෙන් සියයට 85කට වැඩි ප්‍රදේශයක පාලන තමන් සතු බව තලේබාන් සංවිධානය පවසයි.
මේ තත්ත්වයත් සමඟ ඇෆ්ගනිස්තානයට වෛද්‍ය ආධාර සහ අනෙකුත් සැපයුම් යැවීම සම්බන්ධයෙන් ද දැඩි අර්බුදයක් හටගෙන තිබෙන අතර ඇෆ්ගනිස්තානය දෙසට විශාල ජාත්‍යන්තර අවධානයක් ද යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
688
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමුදාවට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් ඇමෙරිකාවට