IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හිමකඳු නායගොස් ඉතාලියේ තිහක් අතුරුදන්

ප්‍රභල භූ කම්පන මාලවකින් පසු හිම කඳු නාය යෑමෙන් මධ්‍යම ඉතාලියේ සුඛෝපභෝගී හෝටලයක  සිටි තිස් දෙනකු පමණ හිමවලට සහ සුන්බුන් වලට යට වී ඇතැයි ඉතාලිය කියයි.
 
 තිදෙනකුගේ සිරුරු සොයා ගනු ලැබූ බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.  සහන සේවකයන් ඒ ගැන ප්‍රතිචාරයක් නොදැක්වවත්  ඔවුන් කියනුයේ කිසිවකු ජීවතුන් අතර සිටීදැයි තවම සොයා බලන බවයි.
 
 ළමයින් දෙදෙනකු ද ඇතුළු තිස් දෙනකු පමණ එම අවස්ථාවේ හෝටලය තුළ සිටි බව කියති. කෙසේ වෙතත්   පැය විස්සකට පමණ පසු දෙදෙනකු සොයා ගත් අතර ඔවුන් ව්‍යසනය වන අවස්ථාවේ පිටතට සිට ඇත. ‘යම් දෙයක් ගැනීමට කාර් රථය අසලට ගිය නිසා මම ජීවතුන් අතර ඉන්නවා.‘ යැයි දිවි බේරා ගත් පුද්ගලයෙක් වෛද්‍ය කණ්ඩායමට කීවේය.
 
 ‘හෝටලය මුළුමණින්ම විනාශ වෙලයි තිබුණේ. අපි කතා කළා. ඒත් උත්තර හම්බුණේ නෑ. සද්ධයක් නෑ.‘ යැයි සහන සේවකයකු වන අන්ටෝනියෝ කීවේය. ‘අපි මිනිසුන් සොයා හාරා බලමින් ඉන්නේ.‘ යැයි මධ්‍යම අබෘසෝහි ග්‍රෑන් සසෝ කඳු පන්තියේ සිද්ධිය වූ ස්ථානයේ සිට දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ඔහු රොයිටර්ස් සමග පැවසීය.



අදහස් (0)

හිමකඳු නායගොස් ඉතාලියේ තිහක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site