පකිස්ථානයේ හින්දුකුෂ් කඳුවැටියේ හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් සිරවී සිටි කඳු නගින්නන් හයදෙනා බේරාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම අනතුරින් ඔවුන් සමඟ ගමන් කළ පකිස්ථාන ජාතිකයෙකු මියගොස් ඇත.
මෙලෙස බේරාගෙන ඇත්තේ ඉතාලි ජාතිකයින් හතරදෙනකු සහ පකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකි. මොවුන් ගීසා දිස්ත්‍රික්කයේ ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයෙන් මීට සතියකට පමණ පෙර කඳු තරණය සඳහා පිටත්ව ඇති බව බලධාරීහු පවසති.
හින්දු කුෂ් වැටියේ පිහිටි අඩි පන්දහසක් පමණ උස මුදුනක් තරණය කිරීම මොවුන්ගේ අරමුණ වී ඇත. බේරාගත් හයදෙනා රෝහල් ගතකර ඇති අතර ඔවුන්ට ජීවිත අවදානමක් නැතැයි පැවසේ. බලධාරීන් පවසන්නේ මියගිය පුද්ගලයාගේ සිරුර පසුව රැගෙන එන බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
781
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හින්දුකුෂ් කඳුවැටියේ හිම කඳු අතර සිරවී සිටි 6ක් බේරා ගැනේ