IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


හොන්ඩුරාස් පාපන්දු තරුව වෙඩි වැදී මිය යයි

හොන්ඩුරාස් රාජ්‍යයේ පාපන්දු ක්‍රීඩක ආර්නෝල්ඩ් පෙරැල්ටා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

ලා සෙයිබා නුවර නිවාඩුවක් සඳහා ගොස් සිටියදී එහි සාප්පු සංකීර්ණයක වාහන නැවතුම්පොළේදී ඔහුට වෙඩි තබා ඇති අතර මැර කල්ලි අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ වෙඩි හුවමාරුවකදී ඔහුට වෙඩි වදින්නට ඇතැයි එරට ආරක්ෂක අංශ iසැක කරයි.

හොන්ඩුරාස් රාජ්‍යය එවැනි වෙඩි තබාගැනීම් බහුල රටක් බවත් ලොව වැඩිම මිනීමැරුම් වාර්තාවන රටවල් අතරින් එකක් බවත් කියති.

26 හැවිරිදි ආර්නෝල්ඩ් පෙරැල්ටා එරට ඔලිම්පික් පාපන්දු කණ්ඩායමද නියෝජනය කළ අතර 2014 වසරේ බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ආබාධයක් හේතුවෙන් ඔහුට අහිමි විය. හොන්ඩුරාස් පාපන්දු සම්මේලනයේ අධ්‍යක්ෂ ඔස්මාන් මැඩ්රිඩ් පවසන්නේ මෙය ඉතා ශෝකජනක මරණයක් බවත් එය ජාතික ක්‍රීඩාවට දැඩි ළතැවුලක් ඇතිකරන බවත්ය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වනතුරු කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි විදෙස් ආරංචි පවසයි.

webanoldPeralta_20151211 webanoldPeralta_20151211-2



අදහස් (0)

හොන්ඩුරාස් පාපන්දු තරුව වෙඩි වැදී මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site