
නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙකි.
සැමුවෙල් පදිංචි නිවසෙන් කිසිඳු ශබ්දයක් පිට නොවීම නිසා අසල්වැසියන් දොර කඩා ඇති අතර එම අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස එක් එක් කාමරවල මියගොස් සිටින අයුරු දැකගත හැකි වී ඇත.ඔවුන් නිදා සිටි අයුරින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් නින්දේදී මියගොස් ඇතැයි විශ්වාස කළ හැකි බව ඇසින් දුටු සාක්ෂිකරුවකු පවසා ඇත . රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මොවුන් මියගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජිරියානු පොලිසිය විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.
අසල්වැසියන් නිවස පරික්ෂා කරන විට සැමුවෙල් ඇතුළු පිරිස රාත්‍රී අහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයා ගත් බවත් මරණයට හේතුව එම හූනා බවත් නයිජීරියා මාධ්‍ය වාර්තා කර තිබේ.
034
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හූනෙක් පවුලක් වනසයි
ජයරත්න Wednesday, 28 December 2022 05:07 PM
හූනෙක් නිසා මගේ පරිගණකය අලුත්වැඩියා කරන්නත් වුණා...
යෝගා Wednesday, 28 December 2022 06:28 PM
වෙන්න බෑ. අපේ හෝටල්වල කෑම හට්ටිවලට හූනෝ කොච්චර වැටිලා ඇද්ද? එක්කෝ නයිජීරියාවේ ඇත්තේ වෙනස් හූනෝ වර්ගයක් වෙන්න ඇති...!
සුනා මිය Thursday, 29 December 2022 01:29 AM
හෝටල් වලින් හුනෝ කාලා කාලා දැන් අපිට ප්‍රතිශක්තිය වැඩිලා තියෙන්නේ නෑ.
Ruwan Wednesday, 28 December 2022 07:13 PM
ඕක මොකක්ද? මෙහෙ කපුටෙක් හින්දා රටම වැනසුණේ...
Hafeel Wednesday, 28 December 2022 08:08 PM
ඒක නේද? මෙහේ පවුලක් රටම වනසයි.
Perera Wednesday, 28 December 2022 09:11 PM
පවුලක් මුළු රටක්ම වනසයි
Ranil Thursday, 29 December 2022 06:20 AM
මෙකම කරන්ඩ බැරිද පාර්ලිමෙන්තු නැන්ටිමට හූනො ඒක්ක.
Janindu Thursday, 29 December 2022 12:17 PM
ලංකාවෙ නිවෙස් ආශ්‍රිතව ජීවත් වන හූනන් ද විෂ සහිතයි කියලා මම අහලා තියෙනවා
Prasanna Friday, 30 December 2022 10:57 AM
නැකතත් හූනාටමය