එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිවරිය වශයෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නොර්ට් මහත්මිය පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළ නිකී හේලී මහත්මිය ඉකුත් ඔක්තෝබර් මාසයේ දී ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ එම තනතුර පිරවීමට ඇමෙරිකානු ජනපතිවරයා තීරණය කර ඇත.
ට්‍රම්ප් මහතාගේ පරිපාලනයේ ආරම්භයේ සිටම හෙදර් මහත්මිය දැනට සිටින ධූරයේ රැඳී සිටීයි. මෙම වසර අවසානය වන විට ඇය එම ධූරය දැරීමට නියමිතය.
2017 වසරේ දී හෙදර් නොර්ට් මහත්මිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා තනතුරට පත්විය.මේ වසරේදී ඇයව රාජ්‍ය තාන්ත්‍රික හා මහජන කටයුතු පිළිබඳව වැඩබලන ලේකම් ධූරයට ද නම් කෙරිණි.
කෙසේ වෙතත් ෆොක්ස් නිවුස් වාර්තා කළේ හෙදර් මහත්මියට දේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදන පිළිබඳව ඇයට දැනුමක් නොමැති බවයි.
(ද ගාඩියන් ඇසුරෙනි)
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හෙදර් නොර්ට්ට එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපති ධූරය