පෙර අනතුරු ඇඟවීමකින් තොරව ටෝනේඩෝ වර්ගයේ සුළි කුණාටුවක් ඊයේ (6) හදිසියේම නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඞ් හරහා හමා ගියේය. සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝ මීටර් 110 ක වේගයකිනි. සුළි කුණාටුවට හසුවීමෙන් නිවාස 150 කට හානි සිදුවිය. ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වූ අතර විදුලි බල සහ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල විය. නවසීලන්ත සිවිල් ආරක්ෂක නිලධාරීන් පැවැසුවේ තුවාල ලැබූවන් හත් දෙනකු රෝහල් ගත කර ඇති බවය. එම සුළි කුණාටුව ඕක්ලන්ඞ් නුවරට කඩා වැදීම සම්බන්ධයෙන් තමන්ට කල් තියා දැන ගැනීමට නෙහැකි වූ බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය අසාමාන්‍ය කාලගුණ පෙරැළියක් බව ද කාලගුණ විද්‍යා බලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 16
61
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
855
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටි ගමන් ආ ටෝනේඩෝ සුළි කුණාටුවකින් නවසීලත්නයට හානි