IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හිට්ලර් චරිතාපදානයට ඉහළ ඉල්ලූමක්

ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ස්වයං චරිතාපදානය, මයින් කම්ප්ෆ් කෘතියේ නව සංස්කරණයක් උණු කැවුම් මෙන් විකිණෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ දක්වා ගෙවී ඇති කාලසීමාවේ මයින් කම්ප්ෆ් කෘතියේ පිටපත් 85000 ක් විකිණී ගොස් තිබෙන බවත්, එය තමන් කිසිසේත්ම අපේක්ෂා නොකළ අගයක් බවත් කෘතියේ ප‍්‍රකාශකයන් කියයි.

කෘතියේ මුල් පිටපතෙහි මුල් පිටකවරය සරසා තිබූ හිට්ලර්ගේ රුව සහ ස්වස්තිකය නව මුද්‍රණයෙන් ඉවත් කර තිබෙන අතර, එයට හේතුව වන්නේ නාසිවාදය ඉස්මතු කරන එවන් සළකුණු භාවිතා කිරීම ජර්මනිය තහනම් කර තිබීමයි.

නුදුරු දිනකදී මෙම කෘතියේ සංස්කරණය කරන ලද ප‍්‍රංශ පරිවර්තනයක් එළි දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ප‍්‍රකාශකයන් පවසයි.


 



අදහස් (0)

හිට්ලර් චරිතාපදානයට ඉහළ ඉල්ලූමක්

රන්ජිත් Thursday, 05 January 2017 08:10 AM

ටිකිරි, පුබුදු ගේ දැනුම අදහස් වලින්ම තේරුම් ගන්න පුළුවන්. ස්වස්තිකය තුලින් අදහස් කරන්නේ කුමක්ද ? (ර)

:       0       0

අබරන් Thursday, 05 January 2017 08:36 AM

ටිකිරි, පිට රටවල දේ කොපි කළ පලියට හිතට හීනමානයක් දමාගෙන කතා කරනවාට වඩා අපිටත් අනන්‍යතාවයක් තිබේ යයි හිතාගෙන වැඩ කටයුතු කරගන්න. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව ආදී රටවල් සුළු කාලයක් තුල ඔවුන්ගේ අනන්‍යතාවයක් හදාගෙන දියුණුව කරා පානගනවා.... දීර්ඝ ඉතිහාසයක් ඇති අපි තවම එක තැන පල් වෙනවා. එක්කෝ හීන මානය... නැත්නම් අධි මානය....(බ)

:       0       0

කාර්යවසම් Thursday, 05 January 2017 09:20 AM

ස්වස්තිකය කියන්නේ හෙළ සලකුණක්. රාවන රජු බාවිතා කල සලකුණක් වන ස්වස්තිකය හිට්ලර් බාවිතා කෙරුවේ යම් හේතුවක් උඩ. (ර)

:       0       0

පුබුදු Wednesday, 04 January 2017 11:27 PM

ස්වස්තිකය හෙළ සලකුණක්ම නෙමෙයි. ආර්යයන්ගේ සලකුණක්. ආර්ය මතවාදය ජෛන ආගමේ සහ හින්දු ආගමේ පවතින සංකල්පයක්. ඇන්ග්ලෝ සැක්සන්පිරිස් අතරත් ආර්ය සංකල්පය තිබුනා. හිට්ලර් ආර්ය මතය සහ පිරිසිදු ජාතියක් පිළිබඳ අදහස ලෝකයට ඉදිරිපත් කිරීමේදී ස්වස්තික සලකුණ යොදාගත්තා. (නි)

:       0       0

ටිකිරි Thursday, 05 January 2017 12:20 AM

පතිරණ, ස්වස්තිකය හෙළ සලකුණක් වෙන්නේ කොහොමද? අද අපේ ගැහැණු අඳින සාරිය පවා අපි ඉන්දියාවෙන් කොපි කළ දේවල්. අපි පුංචි ජනකොටසක්ව ඉඳිද්දි තමයි අශෝක අධිරාජයා අපිට බුදු දහමත් ලබාදුන්නේ. අපිට අපේම කියලා කිසිදෙයක් තියෙනවද? (නි)

:       0       0

පතිරණ Tuesday, 03 January 2017 04:56 PM

හෙළ සලකුණක් වන ස්වස්තිකය ජර්මනිය භාවිතා කළේ කෙසේද යන්න ලංකාවේ විද්වතුන්ට ඔලුවට නොයෑම කණගාටුවට කරුණක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site