IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හිටපු ජනපති මුෂාරෆ් සියරට එන්න සූදානම්

පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් යළි සිය රට පැමිණෙන බව පෙරේදා (8) නිවේදනය කිරීමත් සමඟ පාකිස්තාන රජය ප‍්‍රකාශ කළේ මුෂාරෆ් යළිත් පැමිණියහොත් බෙනාසීර් බූතෝ ඝාතනයට වරදකරුවකු ලෙස ඔහු වහා අත්අඩංගුවට ගන්නා බවය. හිටපු පාකිස්තාන අගමැතිනියක වූ බෙනාසීර් බූතෝ ඝාතනයට  මුෂාරෆ් සම්බන්ධ බවත් පාකිස්තානයට පය තැබූ විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට සියලූම නීති කටයුතු සම්පාදනය කර ඇති බවත්  පාකිස්තාන රජයේ නීතීඥ අලී පවසයි. මුෂාරෆ් ප‍්‍රකාශකර ඇත්තේ ඔහු එලැඹෙන 27-30 තෙක් කාලයේදී පාකිස්තානයට පැමිණීමට නියමිත බවය. පාකිස්තානයේ දී අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට මුෂාරෆ් ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා ඇතැයි ද වාර්තා වේ. මුෂාරෆ් කිසිදු ලේ වැගිරීමක් නොකොට හමුදා කුමන්ත‍්‍රණයකින් පාකිස්තානයේ හමුදාපතිවරයා ලෙස බලයට පත්වූයේ 1999 වසරේදීය. 2007 වසරේදී බෙනාසීර් බූතෝ රාවුල්පිණ්ඩි නුවර මැතිවරණ රැුලියකට සහභාගීවී සිටියදී  මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බිලිවෙද්දී ජනපති ධුරය හෙබවූයේ මුෂාරෆ්ය. ඉන්පසු පැවැති මැතිවරණයෙන් මුෂාරෆ්ට ජනපති ධුරය අහිමි විය. ඔහු පාකිස්තානයෙන් පිටුවහල් වී ඩුබායි සහ ලන්ඩන් නුවර පදිංචියට ගියේය. ජීවිත අනතුරක් තිබියදී මුෂාරෆ්ගේ රජය බෙනාසීර් බූතෝට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවත් බූතෝ ඝාතනයට මුෂාරෆ් සෘජුව සම්බන්ධ බවත් චෝදනා එල්ල වී තිබේ. වත්මන් පාකිස්තාන රජය මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට සැරසෙන්නේ ද එම චෝදනා හේතුවෙනි. එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන මුෂාරෆ් පවසන්නේ බූතෝ ඝාතනය සිදු කළේ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් බවය. යළිත් පාකිස්තාන දේශපාලන කරළියට පිවිසීමට බලාපොරොත්තුවන  මුෂාරෆ්, ‘සියලූම පාකිස්තාන වැසියන්ගේ මුස්ලිම් ලීගය’ යනුවෙන් නව දේශපාලන පක්ෂයක් ද පිහිටුවා ඇත. පාකිස්තානයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2013 වසරේදීය. මුෂාරෆ් යළි පාකිස්තානයට පැමිණෙන්නේ ඊට සූදානම් වීමටය. ඩුබායි නුවර සිටින මුෂාරෆ් වීඩියෝ දසුන් හරහා පාකිස්තානේ කරච්චි නුවර තම පාක්ෂිකයන් අමතමින් තමා යළි පාකිස්තානයට පැමිණෙන බව පවසමින් ...



අදහස් (0)

හිටපු ජනපති මුෂාරෆ් සියරට එන්න සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site