IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු ජනපති මුබාරක්ට මරණ දඬුවම ඉල්ලා කයිරෝවේ විරෝධතා

ඊජිප්තුවේ පසුගිය වසරේ විරෝධතා ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් මරා දැමීමට අණ දුන්නැයි අධිකරණය හමුවේ වරදකරු වූ හිටපු ජනපති හොස්නි මුබාරක්ට මරණ දඬුවම පමුණුවන්නැයි එරට හමුදා පාලක මණ්ඩලයෙන් ඉල්ලමින් ඊයේ (4) ද කයිරෝවේ තරීර් චතුරස‍්‍රයේ දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. ඊජිප්තුවේ කයිරෝ නුවර යළිත් වරක් විරෝධතාවලින් ඇලැළී ගියේ එරට අධිකරණයක් මගින් හිටපු ජනපති හොස්නි මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක් නියම කිරීමෙන් පසුවය. එහෙත් ඊජිප්තු ජනතාව පවසන්නේ ජීවිතාන්ත සිර දඬුවමක් නොව මුබාරක්ට මරණ දඬුවම ලබා දිය යුතු බවය. පසුගිය වසරේ මාර්තු මාසයේ ඊජිප්තුවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ, ආරක්ෂක අංශ යොදවා විරෝධතාකරුවන් මර්දනය කිරීමට අණ දීමත්, ඔවුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමත් යන චෝදනාවලට මුබාරක් වරදකරු වී සිටී. පිළිකාවකින් පීඩා විඳින 84 හැවිරිදි මුබාරක් කලින් අවස්ථාවලදී මෙන් මෙවරත් පසුගිය 2 වැනිදා ද අධිකරණයට යොමු කෙරුණේ ගිලන් ඇඳ පිටින්ය. අරාබි වසන්තය ආරම්භ වීමෙන් පසු, ජනතා විරෝධය මැද පසුගිය වසරේ මාර්තු මාසයේදී බලයෙන් ඉවත් වීමෙන් පසු මුබාරක් ඔහුගේ පුතුන් දෙදෙනා මෙන්ම රජයේ උසස් නිලධාරීන් කීප දෙනකු අත්අඩංගුවට ගෙන කයිරෝ අගනුවර බන්ධනාගාරයක රඳවනු ලැබුණි. ඒ පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදීය. මුබාරක්ගේ පුතුන් දෙදෙනාට එරෙහි නඩු තීන්දුව ඉදිරි දින කීපයේදී ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත. ඔවුන් දෙදෙනාට දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබේ. තරීර් චතුරස‍්‍රයට රැස්වූ විරෝධතාකරුවෝ



අදහස් (0)

හිටපු ජනපති මුබාරක්ට මරණ දඬුවම ඉල්ලා කයිරෝවේ විරෝධතා

දයා Tuesday, 05 June 2012 05:15 PM

කළ කළ දේ පළ පළ දේ...

:       0       0

නිකමා Tuesday, 05 June 2012 03:40 PM

අපේ අයත් මේව බලාගෙනනේ ඇත්තේ...

:       0       0

සකල බුජන් Wednesday, 06 June 2012 07:41 AM

දුටුගැමුණු හිටියත් නූල් කාරයොයි, පඹයොයි ඉන්නව නම් මොනවා කළත් වැඩක් වෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site