දකුණ අප‍්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මියගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් පෙරේදා (13) සිදුකළ ප‍්‍රචාරය ගැන කලකිරී සිටින දකුණු අප‍්‍රිකානු රජයේ ගුවන්විදුලි නාලිකාවක් වන එස්.ඒ.බී.සී. ආයතනය, මැන්ඩෙලා මහතා මනා සෞඛ්‍ය සම්පන්න ලෙස, දකුණු අප‍්‍රිකාවේ, නැගෙනහිර කේප් ප‍්‍රාන්තයේ සිය උපන් ගමවූ ක්වින් ප‍්‍රදේශය තුළ කල් ගෙවන බව කියයි.නෙල්සන් මැන්ඩෙලා පදනමේ ප‍්‍රකාශකයකු උපුටා දක්වන එස්.ඒ.බී.සී. ගුවන් විදුලි ආයතනය කියා සිටින්නේ මයික්‍රො බ්ලොගිස් ඒජන්සිය කළ ප‍්‍රචාරය බොරුවක් බවයි.දැනට 93 වියෙහි පසුවන මැන්ඩෙලා දකුණු අප‍්‍රිකාවේ ජනාධිපති ලෙස පත්වූ ප‍්‍රථම කළු ජාතිකයා වෙයි.වර්ණභේද වාදයට එරෙහිව වසර ගණනාවක් තිස්සේ සටන් වැදී සිටි හිටපු ජනාධිපති මැන්ඩෙලා, දකුණු අප‍්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත‍්‍රවී සිටියි. සමාදානයේ හා සංහිඳියාවේ සංකේතය ලෙස පිදුම් ලැබ සිටී.ඔහු පසුගිය ජනවාරි මස රෝහල්ගත කෙරුණේ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළුන නිසාය. පසුව සුවය ලබා සිය නිවසට පැමිණියේය.මැන්ඩෙලා මහතාට වරක් සිර දඬුවම් නියමවී වසර 27ක් බණ්ධනාගාර ගතවී සිටීමට සිදුවිය. ඒ කාලය තුළදී ඔහුට ක්ෂය රෝගය වැළඳුණි. 2001 දී පුරස්ථි ග‍්‍රන්ථියේ සැත්කමකට භාජනය වුණි.මැන්ඩෙලා මහතාට නිදහස ලැබුණේ 1990 වසරේදීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු ජනපති මැන්ඩෙලා හොඳ සනීපෙන් ඉන්නවා - ද. අප‍්‍රිකාවේ එස්.ඒ.බී.සි ගුවන් විදුලිය කියයි