ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් බ්‍රොන්කයිටීස් රෝගය වැළඳීම හේතුවෙන් ඉකුත් 30 වැනිදා හුස්ටන් නුවර රෝහලකට ඇතුළු කළ අතර දැන් ඔහු සුවවෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය යහපත් මට්ටමකට තිබෙන බව කී වෛද්‍ය ජිම් මැක්ග‍්‍රාත් මේ සතිය අවසානයේදී ඔහුට රෝහලෙන් පිටත්ව යෑමට හැකි වනු ඇතැයි ද පැවැසීය.
බුෂ් රෝහල් ගත කළ බව දැනගත් සැණින් ඔහුගේ පුත් හිටපු ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ් සිය බිරිඳ ලෝරා සමඟ රෝහලට පැමිණි බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අසූඅට වන වියේ පසුවන බුෂ් 1989 සිට 1993 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති පදවිය හෙබවීය. ඉරාක ජනපති සදාම් හුසේන් කුවේටය ආක‍්‍රමණය කළ අවස්ථාවේදී ඇමෙරිකා හමුදා ඉරාකයට යවන ලද්දේ හිටපු ජනපති බුෂ් විසිනි.
ඇමෙරිකා උප ජනපති ලෙස ද කටයුතු කර ඇති ජනපති බුෂ් කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයකු ලෙසත් සී.අයි.ඒ බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ට දැන් සුවයි