බ්‍රසීලයේ ජනාධිපති මන්දිරය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුවට කඩා වැදි එරට හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එම ගොඩනැගිලි වල තිබූ මිල කළ නොහැකි කලා නිර්මාණ විනාශ කර ඇති බවත් එම ගොඩනැගිලි වල තිබූ කාර්යාල විනාශ කර ඇති බවත් බ්‍රසීල මාධ්‍ය වාර්තා කර ඇත.
මේ වන විට ගොඩනැගිලිවලට කඩා වැදි ආධාරකරුවන් 1500 ක් පමණ ප්‍රශ්න කිරීමට රැඳවුම් භාරයට ගෙන ඇතැයි බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මන්දිරය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුව නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ නිධාන ලෙස සැලකෙන බවත් කඩා වැදි පිරිස් කළ හානිය මිල කළ නොහැකි බවත් බ්‍රසීල බලධාරීන් පෙන්වා දී ඇත. හානි කර ඇති කලා නිර්මාණ අතර එක් නිර්මාණයක් ඩොලර් මිලියන 1.5 ක වටිනාකමකින් යුක්ත වන බව බ්‍රසීල බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
බ්‍රසීලියා නගරයේ හමුදා මූලස්ථානය ඉදිරිපිට කඳවුරු බැඳ සිටි 3000 පමණ පිරිසක් හමුදාව සහ පොලිසිය එක්ව ඉවත් කර බවත් ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දක්වමින් සහ කඩා වැදි පිරිසට විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත පිරිසක් බ්‍රසීලයේ විශාලතම නගරය වන සාඕ පවුලෝ වෙත එක්රැස් වූ බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තුවට කඩ වැදීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් සියල්ලටම දැඩි දඬුවම් පමුණුවන බවත් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසා ඇත.කඩා වැදි දින එරට වේලාවෙන් සවස 6.30 වන විට ජනාධිපති මන්දිරය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුව ආධාරකරුවන්ගේ මුදා ගැනීමට බ්‍රසීල ආරක්ෂක අංශ සමත් විය.
034
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිටපු ජනපතිගේ ආධාරකරුවෝ බ්‍රසීලය වනසති
fairoos Tuesday, 10 January 2023 12:50 PM
අපේ හිටපු ජනාධිපතිගෙනම් ආදාරකරුවො හොයාගත්තද දන්නෑ