IMG-LOGO

හිටපු අගමැති රජීව් ගාන්ධි අල්ලස් ගත් බවට සාක්ෂි නෑ - රහස හෙළිකළ හිටපු පොලිස්පති කියයි

ස්විට්සර්ලන්තයේ බොෆර්ස් ආයුධ නිෂ්පාදන සමාගම 1987 දී ඉන්දියාව සමඟ කළ ආයුධ ගනුදෙනුවේදී එවකට ඉන්දියාවේ අගමැති ධුරය හෙබවූ රජිව් ගන්ධි අල්ලස් නොගත් බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ ස්විට්සර්ලන්ත ජාතික ස්ටෙන් ලිඞ්ස්ටෝම් පවසයි. රජිව් ගන්ධි 1989 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පරාජය වීමට හේතු වූයේ එම අල්ලස් චෝදනාය. ඒ පිළිබඳ ඉන්දීය මාධ්‍යවලට රහස් හෙළි කළේ එවකට ස්විට්සර්ලන්ත පොලිස්පතිවරයාව සිටි ස්ටෙන් ලිඞ්ස්ටෝම්ය. එම ආයුධ ගනුදෙනුවේදී අගමැති රජිව් ගාන්ධි අල්ලස් නොගත් නමුත් අල්ලස් ගත් නිලධාරීන් කවුරුදැයි දැන සිටියදී ඒ පිළිබඳ නිහඬව සිටියේ යැයි ද ලිඞ්ස්ටෝම් වැඩි දුරටත් කියා සිටියි. එම ගනුදෙනුවේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 1.3 ක අල්ලස් මුදලක් බොෆර්ස් සමාගම ඉන්දීය රජයට ලබා දී ඇතැයි චෝදනා එල්ල වේ.



අදහස් (0)

හිටපු අගමැති රජීව් ගාන්ධි අල්ලස් ගත් බවට සාක්ෂි නෑ - රහස හෙළිකළ හිටපු පොලිස්පති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 95 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site