ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ රාජ්‍ය අවමංගල උත්සවය මුල්කොට ගනිමින් දේශපාලනික අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එම අවමංගල්‍යයට විරෝධය පළ කරමින් එක් විරෝධතාකරුවකු සිරුරට ගිනි තබා ගත් බව ද වාර්තා වේ.
හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ ඝාතනයට ලක් වූයේ පසුගිය ජූලි 8 වැනිදාය. එම අවස්ථාවේ ජපාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණු අතර, 67 හැවිරිදි ෂෙන්සෝ අබේ, වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ට සහ ඔහුගේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට සහාය දක්වමින්, මැතිවරණ රැළියකට සහභාගී වී සිටියේය. වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ අබේ රෝහල්ගත කිරීමෙන් පසු මියගියේය.
ජපානයේ දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ද ෂෙන්සෝ අබේ ය. ෂෙන්සෝ අබේ විදෙස් නායකයන්ගේ පැසසුමට ලක්වුණත් ඔහුගේ ප්‍රතිපත්ති ජපන් වැසියන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතු වූ බව රහසක් නොවෙයි.
එම ඝාතනය තරයේ හෙලා දැකීමට වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පියවර ගත්තේය. අග්‍රාමාත්‍යවරයා ඔහුගේ අභිමතය පරිදි හිටපු අග්‍රාමාත්‍ය අබේ වෙනුවෙන් සැප්තැම්බර් 27 වැනිදා රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වීමට තීරණය කළේය. ඒ, ලෝක නායකයන්ට ඊට පැමිණෙන ලෙස ආරාධනා කරමින් සහ එම ඝාතනය තරයේ හෙලා දකින බව ලොවට පෙන්වමිනි. ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස්, ඕස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඇතුළු රාජ්‍ය නායකයෝ එම අවමංගල අවස්ථාවට සහභාගී වෙති.
වත්මන් අග්‍රාමාත්‍ය කිෂිඩා ඔහුගේ බලතල අවභාවිත කරමින්, ඔහුගේ අභිමතය පරිදි හිටපු අග්‍රාමාත්‍ය අබේ වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වීම සම්බන්ධයෙන්, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් චෝදනා එල්ල විය.
කැබිනට් මණ්ඩලය අභිබවා යමින් අග්‍රාමාත්‍ය කිෂිඩා ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධතා රැළියක් ද පැවැත්විණි. සිරුරට ගිනි තබා ගත්තේ ටෝකියෝ අගනුවර පැවැති විරෝධතා රැළියට එක්වුණු විරෝධතාකරුවෙකි. සිරුරට ගිනි තබා ගත් විරෝධතාකරු කඩිනමින් රෝහල් ගත කෙරුණු බව ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හිටපු අගමැති අබේගේ අවමංගල්‍යයට විරෝධයක්