IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගින්නක්

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් බවත් 300 කට වැඩි පිරිසක් ගින්නට කොටු වී ගොඩනැගිල්ලේ වහල මත සිටින බවත් ‘ද සවුත් චයිනා මෝර්නිං‘ පුවත්පත වාර්තා කරයි.

ගින්නට හසුවීමෙන් තුවාල ලැබූ ගණන 4 ක් බවත් එම 4 දෙනා කඩිනමින් රෝහල්ගත කළ බවත් පොලිසිය පවසයි.

ගොඩනැගිල්ල වහලේ කොටුවුණු පිරිස් මුදා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළ බව ගිනි නිවන භටයෝ පවසති.

මේ වනවිට ගිනි නිවන හමුදා කණ්ඩායම් කීපයක් ගින්න නිවා දැමීමට කටයුතු කරන බව ද වාර්තා වේ. ගින්න හටගත්තේ දහවල් 12.37 කට පමණය.

වහලේ සිටින පිරිසට අමතරව, ගොඩනැගිල්ල තුළ පස් වැනි මහලේ ද 100 කට ආසන්න පිරිසක් ගින්නට කොටු වී සිටින බවත්, ඔවුන් බේරා ගැනීමට ද ගිනි නිවන භටයන්ට කාලත් සමග සටන් කිරීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.

(රොයිටර්)



අදහස් (0)

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 294 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1799 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site