හොංකොං හි ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස ව්‍යාප්තිය ඉතා දරුණු තත්ත්වයකට පත්ව ඇති බැවින්, ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තිය පාලනය කරමින්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට සෑම පියවරක්ම ගන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, චීන හිතවාදී හොංකොං රජයට පවසා ඇත.
මේ වනවිට හොංකොං හි රෝහල් ධාරිතාව උපරිම සීමාව ඉක්මවා ඇති අතර, ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තිය හමුවේ, හොංකොං සෞඛ්‍ය අංශ අසරණ තත්ත්වයකට පත් වී සිටින බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ. ගතවුණු පැය 24 ඇතුළත හොංකොං ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වූයේ 4,285 ක් ලෙසය.
‘කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, සියලු සම්පත් යොදා ගනිමින්, හැකි සෑම පියවරක්ම ගනිමින්, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම හොංකොං රජයේ වගකීමයි’ යැයි චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ.
‘කොවිඩ් 19’ ව්‍යාප්තියේ ආරම්භවයත් සමඟ මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 26,000 ඉක්මවා තිබේ. සමස්ත මරණ 2,000 සීමාව පසු කර තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හොංකොං කොවිඩ් ව්‍යාප්තිය ගැන කනස්සල්ලෙන්