IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


හකානී නායකයා නේටෝ හමුදාවට කොටුවෙයි

ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටි ‘හකානී’ ඉස්ලාමීය සටන්කාමී ජාලයේ නායක හජ්ජි මාලී ඛාන් හකානී අල්ලා ගැනීමට නේටෝ හමුදාව පෙරේදා (2) සමත් විය. හජ්ජි මාලී ඛාන්, අල්ලා ගැනීමට හැකිවී ඇත්තේ පක්ටිකා දිස්ති‍්‍රක්කයේ ජානි කාහේල් නගරයේ සිදුකළ හමුදා මෙහෙයුමකදී යැයි නේටෝ හමුදාව පවසයි. ඇෆ්ගන් සටන්කාමී නායකයකු වන ජලාල්දුන් හකානී ආරම්භ කළ ‘හකානී’ සටන්කාමී ජාලය පාකිස්තානයේ කි‍්‍රයාත්මක වන අතර ඊට නායකත්වය දෙන්නේ ජලාල්දුන්ගේ පුතු සරාජ්දීන් හකානීය. අත්අඩංගුවට ගැණුනු හජ්ජී මාලී ඛාන්, හකානී සරාජ්දීන්ගේ මාමා කෙනකු බව ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි. හජ්ජී මාලී ඛාන් හකානීට අමතරව ඔහුගේ දෙවැනියා සහ ආරක්ෂක නිලධාරීයා ද නේටෝ හමුදා අත්අඩංගුවට පත් වී ඇතැයි වාර්තා වේ. අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන හකානී සටන්කාමී සංවිධානය, ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට ද සහාය ලබාදෙයි. ඉකුත් සැප්තැම්බර් 13 වැනිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල කළ තලේබාන් සටන්කාමීන්ට සහාය දී ඇත්තේද හකානී සටන්කාමීන් යැයි ඇමෙරිකාව පවසයි. හකානී සටන්කාමී ජාලය පාකිස්තානයේ කි‍්‍රයාත්මක අතර ඇමෙරිකාව චෝදනා කරන්නේ පාකිස්තාන රජය සහ පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශය හකානී සටන්කාමීන්ට සහාය දෙන බවය. ඇමෙරිකාව එල්ල කරන එම චෝදනා හේතුවෙන් ඇමෙරිකා/පාකිස්තාන මිත‍්‍රත්වය ද පළුදු වී තිබේ. කෙසේ නමුත් ‘හකානී’ සටන්කාමීන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය, දුරදිග යෑමට ඉඩ නොදී සාමකාමීව විසඳා ගතයුතුයැයි ඇමෙරිකා රජය පාකිස්තානයට දැනුම් දී තිබේ. හකානී සටන්කාමීන් ගැන සොයා බලන ලෙසත් ඔවුන් සමඟ ඇති සම්බන්ධකම් නවත්වන ලෙසත් ඇමෙරිකාව පාකිස්තානයට පවසා ඇති නමුත් පාකිස්තානය එම ඉල්ලීම ද ප‍්‍රතික්ෂේප කර තිබේ. මේ අතර ‘හකානී’ සටන්කාමී ජාලය, ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම් යැයි ද ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසා තිබේ. හකානී ජාලයට එරෙහිව ගෙන යන සටනේදී සහාය නොදක්වන්නේ නම් පාකිස්තානයට එරෙහිව යුදමය කි‍්‍රයා මාර්ගයක් ගන්නා බව ඇමෙරිකාව ප‍්‍රකාශ කර ඇත. චීනයට සහ රුසියාවට මායිම්ව පිහිටන පාකිස්තානයට එරෙහිව ඇමෙරිකාව යුදමය කි‍්‍රයා මාර්ගයකට එළැඹුණහොත්, චීනයත් රුසියාවත් පාකිස්තානයට සහාය ලබාදෙනු ඇත. චීන රජය මේ වනවිටත් ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ පාකිස්තානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින ලෙසටය.

කාබුල් නුවරදීය (රොයිටර්)



අදහස් (0)

හකානී නායකයා නේටෝ හමුදාවට කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site