IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සූ කී යුරෝපා සංචාරය අරඹයි

මියන්මාර විපක්ෂ නායිකාව මෙන්ම එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූ කී ඊයේ (13) යුරෝපය බලා පිටත්ව ගියාය. සූ කී යැංගොන් ගුවන් තොටුපොළින් පිටත්ව යනු දැක ගැනීමට ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී     ලීගයේ     ආධාරකරුවෝ     දහසකට වැඩි පිරිසක් මියන්මාරයේ යැංගොන්     ගුවන්තොටුපොළට පැමිණ සිටියහ. එම සංචාරය, ඇයට පෞද්ගලික වශයෙන් ද අතිශය වැදගත් වේ. ඇය බි‍්‍රතාන්‍යයට යන්නේ වසර ගණනාවකින් නුදුටු ඇගේ පුතුන් හා මෙතෙක් කිසිදාක දැක නැති ඇගේ මුණුබුරු මිනිබිරිටන් ද බලන්නටය. යුරෝපා සංචාරය ආරම්භ කරමින් සූ කී පළමුවෙන්ම යන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරටය. අද (14)  ඇය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමුළුවට සහභාගී වීමටත් එහිදී දේශනයක් පැවැත්වීමටත් නියමිතය. හෙට (15) දිනයේදී ඇය නෝර්වේ රාජ්‍යය බලා යෑමට නියමිතව සිටින්නීය. හෙට ඇය නෝර්වේ අගමැතිවරයා හමුවීමට ද නියමිතය. මෙම නෝර්වේ සංචාරය ද සූ කීට ඉතා වැදගත් වේ. ඇය එම නෝර්වේ ගමන යෑමට නියමිතව තිබුණේ 1991 වසරේදීය. මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා සාමකාමී අරගලයක යෙදීම නිමිත්තෙන් සූ කී 1991 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. නිවාස අඩස්සියේ සිටි නිසා එම සම්මාන ප‍්‍රදාන උළෙලට සහභාගි වීමට මියන්මාර් පාලනයෙන් ඇයට අවසර ලැබුණේ නැත.



අදහස් (0)

සූ කී යුරෝපා සංචාරය අරඹයි

ප්‍රදීප් Sunday, 17 June 2012 07:51 PM

ඇය උසස් කාන්තාවක්.මගේ හදපිරි සුභ පැතුම්!

:       0       0

ලක්දිනු Sunday, 17 June 2012 10:24 PM

මියන්මාරයේ අවසානය... සුකී කියන්නේ බුරුමයේ රනිල්

:       0       0

අස්මිරි - දෙහිවල Thursday, 14 June 2012 03:15 PM

මගෙන් සුභපැතුම්.. නිවාස අඩස්සියෙ තියල එයාගෙ ඉදිරිගමන නවත්තන්න බැරි උනා...

:       0       0

බුද්ධික Thursday, 14 June 2012 04:14 PM

හොඳ ආරම්භයක්..

:       0       0

බුද්ධික Thursday, 14 June 2012 04:35 PM

ෂා............නියම ටුවර් එක..‍ගොඩක් කාලෙකින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site