IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සූ කී ඇමෙරිකා කොංග‍්‍රස් සම්මානයෙන් පිදුම් ලබයි

මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී හට ඇමෙරිකා කොංග‍්‍රසයෙන් පිරිනැමෙන උසස්ම සම්මානය වන කොංග‍්‍රස් රන් පදක්කම පෙරේදා(19) පිරිනැමිණි. මෙම රන් පදක්කම සූ කීට ප‍්‍රදානය කරනු ලැබූයේ එරට  කතානායක රිපබ්ලිකන් පාක්ෂික ජෝන් බෝනර් විසිනි. එම අවස්ථාවේදී තමාට ලැබුණු සම්මානය පිළිබඳව අදහස් දැක්වූ අවුන් සාන් සූ කී සඳහන් කළේ එම මොහොත සිය ජීවිතයේ සදානුස්මරණීය දිනයන්ගෙන් එකක් බවයි. 2008 වසරේදී සූ කී හට මෙම සම්මානය ප‍්‍රදානය කළ ද එය ලබා ගැනීමට ඇයට ඇමෙරිකාවට පැමිණිමට නොහැකි විය. ඒ වන විට ඇය මියන්මාර හමුදා පාලනය විසින් නිවාස අඩස්සියේ රඳවා තිබීම ඊට හේතුවයි. රන්පදක්කම පිරිනැමීමෙන් පසුව සභාව ඇමතූ සූ කී කියා සිටියේ සාමය අත්පත් කර ගැනීමට මියන්මාරය යන ගමනේ දී බාධක හමුවිය හැකි බවත් එම බාධක සියල්ලක්ම ජය ගැනීමට තමන්ට හැකියාව පවතින බවත්ය. කොංග‍්‍රස් සම්මානයෙන් පිදුම් ලැබූ සූ කී ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සහ එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද හමු වූවාය. එහිදී ජනපති ඔබාමා කියා සිටියේ මියන්මාරයේ දේශපාලන සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට සිය පූර්ණ සහාය ලබා දෙන බවයි. මේ අතර ඇමෙරිකානු රජය මියන්මාරයේ ඉහළ පෙළේ නායකයන් දෙදෙනකුට එරෙහිව පනවා තිබූ සම්බාධක ඉවත් කර ඇති බව වාර්තා වේ. එරට රජය මෙම පියවර ගෙන ඇත්තේ අවුන් සාන් සූ කී ගේ ඇමෙරිකා සංචාරයට සමගාමීවය. ඒ අනුව මියන්මාර ජනපති තේන් සේන් සහ එරට පාර්ලිමේන්තු කතානායක තුරා ශ්වේ සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක ඉවත් කර තිබේ. ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කි‍්‍රයාකාරකම් ගණනාවක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට සම්බාධක පනවා තිබිණි. සූකි හට කොංග‍්‍රස් රන් පදක්කම පිරිනැමූ අවස්ථාව....



අදහස් (0)

සූ කී ඇමෙරිකා කොංග‍්‍රස් සම්මානයෙන් පිදුම් ලබයි

කල්ප Monday, 24 September 2012 08:42 AM

සුභපතනවා මම

:       0       0

ගැමුණු Saturday, 22 September 2012 03:15 PM

මෙතෙක් ආරක්ෂා කරගෙන තිබුණූ මියන්මාර ස්වාධීනත්වය දැන් ඉතිං අහවරය. (නි)

:       0       0

ඉම්රාන් Tuesday, 25 September 2012 12:00 PM

මෙයාගේ බොරු (ස)

:       0       0

ශලනි Monday, 24 September 2012 10:52 AM

දැන් එතකොට වෙන රටකින් සම්මාන දුන්නා නම් ස්වාධීනත්වය නැති වෙන්නෙ නැද්ද? (ස)

:       0       0

ජනක Saturday, 22 September 2012 11:31 AM

පදක්කම් ගත්තා වගේ නොවෙයි (අ)

:       0       0

සිල්වා පැරිස් Saturday, 22 September 2012 06:16 PM

අධිරාජ්‍ය වාදයට තවත් රටක් පාවා දුන්නා.. මියන්මාර ජනතාවට දෙවි පිහිටයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site