IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


සිඩ්නි ප්‍රහාරකයා හඳුනා ගැනෙයි

ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැත්තා යැයි පොලිසිය පවසයි.

ජොඑල් කවුචි කළ පහරදීමෙන්, මියගියේ කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියෙකි. තවත් බොහෝ දෙනකු තුවාල ලැබූ අතර, එම පිරිස අතරේ කුඩා බිලිඳකු සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පහර දෙමින් කලහකාරීව හැසිරුණු ජොඑල් කවුචි වෙඩි තබා ඝාතනය කළේ සිඩ්නි නුවර පොලිස් නිලධාරිනියකි. ඇය තනිවම ජොඑල් කවුචි කොටු කරගත් බව පැවැසෙයි.

එම පොලිස් නිලධාරිනිය වීරයකු යැයි ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත. ඇය ඝාතකයාට වෙඩි නොතැබුවා නම්, තවත් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත්වීමට ඉඩ තිබුණු බව සිඩ්නි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජොඑල් කවුචි එසේ ප්‍රහාරයක් එල්ල කනිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙයි.

(බීබීසී)



අදහස් (4)

සිඩ්නි ප්‍රහාරකයා හඳුනා ගැනෙයි

චන්දන Sunday, 14 April 2024 07:52 AM

දියයුතු දඬුවම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතා හොඳයි. ලංකාවේ අඬන අයට මේවා පෙනේවා...!

:       0       2

සමන් විමල් Sunday, 14 April 2024 09:31 AM

ඒ රටේ මානව හිමිකම් කස්ටිය නැතුව ඇති. නැත්නම් මිහින්තලේ පැත්තෙන් වගේ සූකර හඬක් මතුවෙන්න තිබුණා.

:       0       2

Bunny Preena Monday, 15 April 2024 02:03 PM

සිඩ්නි කියන්නේ කවුද? මොකක්ද දන්නේ නැහැ එයත් එක්ක තියන කෝන්තරය.

:       0       1

Bamunuarachchi Tuesday, 16 April 2024 08:26 PM

ඈ බොල, පිහියක් අතේ තිබෙන කෙනෙකුට වෙඩි තියන එක වීරකමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහුට එරෙහි වරෙන්තු ?
2024 අප්‍රේල් මස 29 89 0

හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට යුද අපරාධ චෝ


ධුරයෙන් යන්නේ නෑ - ස්පාඤ්ඤ අගමැති
2024 අප්‍රේල් මස 29 63 0

බිරිඳට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා මුල්කොට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත් නොවන බව, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්වේස් පවසයි.


ඇමෙරිකාවට ඩෝනාඩෝ සුළි කුණාටුවලින් දැඩි හානි
2024 අප්‍රේල් මස 29 106 0

ඇමෙරිකාවේ නගර රැසකට ටෝනේඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මාස 4 ක් වයසැති කුඩා දරුවකු ද ඇතුළු දෙදෙනකු අයහපත් කාලගුණය හේතුවෙ


ඉලොන් මක්ස් චීනයට
2024 අප්‍රේල් මස 29 115 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණියේය. ලොව විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ ඉලොන් මස්ක්ගේ ‘ටෙස


ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය හැක්කේ ඇමෙරිකාවට පමණයි
2024 අප්‍රේල් මස 29 114 0

රෆා නගරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය හැක්කේ ඇමෙරිකාවට පමණක් බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති ලෙස කටයුතු කරන මොහොමඩ් අබ්බාස් පවසයි.


යුක්රේන හමුදා පසුබසිති
2024 අප්‍රේල් මස 29 107 0

රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේන හමුදා පසුබෑමට ලක් වී සිටින බව යුක්රේන හමුදා ප්‍රධානී කර්නල් ජනරාල් ඔලෙක්සැන්දර් සිරිස්කී පවසයි. යුක්රේන හමුදා ප්‍රධාන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 389 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1786 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1617 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site