රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේන හමුදා පසුබෑමට ලක් වී සිටින බව යුක්රේන හමුදා ප්‍රධානී කර්නල් ජනරාල් ඔලෙක්සැන්දර් සිරිස්කී පවසයි. යුක්රේන හමුදා ප්‍රධානියා මෙසේ පැවැසුවේ, රුසියන් සෙබළු යුක්රේන හමුදාවට පහර දී නැගෙනහිර යුක්රේනයේ ගම්මාන තුනක් අත්පත් කරගත් අවස්ථාවේදීය.
නැගෙනහිර යුක්රේනය රුසියාවට මායිම් වී පිහිටයි. රුසියන් හමුදා නැගෙනහිර යුක්රේන නගර සහ පළාත් එකිනෙක අත්පත් කර ගනිමින් සිටී. ඒ, 2022 වසරේ පෙබරවාරියේ රුසියාව යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගය අනුගමනය කළ අවස්ථාවේ සිටය.
රුසියන් හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 61 ක යුද ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකාව සූදානම් වෙයි. මෙම ජැකේජය සඳහා ඇමෙරිකන් සෙනට් මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇත.
යුක්රේන හමුදා ප්‍රධානී කර්නල් ජනරාල් ඔලෙක්සැන්දර් සිරිස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ එම ආධාර පැකේජය ලැබුණොත්, යුද පෙරමුණේ රුසියන් හමුදාවට අභියෝග කිරීමට යුක්රේන හමුදාවට හැකි වනු ඇති බවය. මේ අතර, හැකි ඉක්මනින් යුක්රේනයට යුද ආධාර ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය.
ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය.
ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි.
තම රට වැසියන්ට අමුතු අසාමා්‍ය විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට,
ගාසා තීරයට පහර දෙමින් යුද අපරාධ සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කර ඇති අතර, ඊශ්‍රායලයේ හිතවතකු වන ඊජි
පාකිස්තානයේ ප්‍රජානත්ත්‍රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යො
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යුක්රේන හමුදා පසුබසිති