IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සුළුතර ආණ්ඩුව පරාජය වීමේ අවදානමක - ඕස්ට්‍රේලියානු අගමැති

සිඞ්නිහිදීය (රොයිටර්)

ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් හදිස් රැස්වීමක් කැඳවමින් සුළුතර ආණ්ඩුව මැතිවරණයෙන් විශාල පරාජයකට හිමිකම් කීමේ අවදානමක් පිළිබඳව අනතුරුව අඟවා ඇත. 

අර්බුදයකට පත්ව සිටින තම ලිබරල් පක්ෂයේ සාමාජිකයන් කැඳවමින් ඔහු සිය සුළුතර ආණ්ඩුවේ අනාගතය පිළිබඳව එලෙස අනතුරු අඟවා තිබේ. ඉදිරි මාස හයක කාලය ඇතුළත පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ආණ්ඩුව දරුණු පරාජයකට පත්වීමේ අවදානමක් ඇති බව ඔහු එම හමුවේදී ප්‍රකාශ කර ඇත.

සෙනසුරාදා පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී ලිබරල් පක්ෂය පරාජයට පත්වීමත් සමඟ ලිබරල් පක්ෂ නායකත්වයෙන් යුත් ‘ලිබරල්-නැෂනල්’ සන්ධාන ආණ්ඩුව අනාගතය පිළිබඳව අවදානමක් හටගෙන තිබේ. 

සාකච්ඡාව පලදායී බව සඳහන් කළ ඕස්ට්‍රේලියාවේ මුදල් අමාත්‍ය ජොෂ් ෆ්‍රීඩන්බර්ග් හමුවේදී සාකච්ඡා වූයේ මොනවාද යන්න පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. 

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතය. දැනට කර තිබෙන සමීක්ෂණවලට අනුව ලිබරල් පක්ෂය මැතිවරණයේදී කම්කරු පක්ෂය හමුවේ දැවැන්ත පරාජයකට පත්වනු ඇතැයි පැවසේ. 

මේ මස මුලදී ස්කොට් මොරිසන් එක් ආසනයකින් පාර්ලිමේන්තුවේ බහුතර තහවුරු කරගැනීමට සමත්ව තිබිණි. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ තමන්ට බහුතරය නොමැති බවත් පවත්වාගෙන යන්නේ සුළුතර ආණ්ඩුවක් බවත් ස්කොට් මොරිසන් පසුව තහවුරු කළේය. 

055



අදහස් (0)

සුළුතර ආණ්ඩුව පරාජය වීමේ අවදානමක - ඕස්ට්‍රේලියානු අගමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site