
2025 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය, එසේත් නැතිනම් නොබෙල් සාහිත්‍ය සම්මානය, හංගේරියානු නවකතාකරුවෙකු සහ තිර රචකයෙකු වන ලැස්ලෝ ක්රස්නාහොර්කායිට පිරිනැමීමට රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය තීරණය කළේය.
නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත් දෙවැනි හංගේරියානු ලේඛකයා වන්නේ 71 හැවිරිදි ක්‍රස්නාහොර්කායි ය. සමාජය විනිවිද දකින, ආකර්ෂණීය හා දූරදර්ශී කතා තේමා සැලකිල්ලයට ගනිමින්, ක්‍රස්නාහොර්කායි ට මෙම වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීමට තීරණය කළේ යැයි රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය හේතුපාඨ වශයෙන් පැහැදිලි කර ඇත.
හංගේරියාවේ ගිවූලා නගරයේ උපත ලද ක්‍රස්නාහොර්කායි ට කොමියුනිස්ට් පාලනය යටතේ ලැබූ අත්දැකීම් පමණක් නොව, 1987 වසරේ දී ශිෂ්‍යත්වයක් මත බටහිර බර්ලිනයට ගිය පසු කළ පුළුල් ගමන් බිමන් ද ඔහුගේ ලේඛන සඳහා අනුපාණයක් වූ බව පැවැසෙයි.
ඔහුගේ නවකතා, කෙටිකතා ජර්මනියේ මෙන්ම හංගේරියාවේ ද ඉතා ප්‍රසිද්ධය. ක්‍රස්නාහොර්කායි හංගේරියාවේ පමණක් නොව, ජර්මනියේ ද වැඩි කාලයක් ගත කර ඇත. හංගේරියානුවන් ක්‍රස්නාහොර්කායි සලකන්නේ ජාතික සම්පතක් ලෙසය. එරට වටිනාම ජීවමාන ලේඛකයා ක්‍රස්නාහොර්කායි යැයි ද පැවැසෙයි.
ක්රස්නාහොර්කායිගේ සාහිත්‍ය නිර්මාණ ඉංග්‍රීසි බසට පෙරළන්නේ ලේඛක ජෝර්ජ් සර්ටෙස් ය. ඔහු ක්‍රස්නාහොර්කායි ගැන මෙසේ කියයි. “ඔහුගේ නිර්මාණ ඔබ මෝහනය කර ගනීවි. ඔහු සැබැවින්ම දක්ෂ ලේඛකයෙක්. ඔහු මවා පාන ලෝකය ඔබ තුළ දෝංකාර දේවි”
සාහිත්‍ය විචාරකයන්ට අනුව, ක්‍රස්නාහොර්කායි දිගු වාක්‍ය සහ අඩු ඡේද භාවිතයට ගනී. ඔහුගේ අනන්‍යතාවක් ලෙස මෙය සැලකෙයි. ක්රස්නාහොර්කායිගේ මංගල කෘතිය ‘සැටැන්ටැන්ගෝ’ ය. මෙයත්, ‘ද මැලෙන්කොලි ඔෆ් රෙසිස්ටන්ස්’ නමැති කෘතියත්, සිනමාපට ලෙස නිර්මාණය වී ඇත. ඒ හංගේරියානු ප්‍රවීණ සිනමාකරුවකු වන බෙලා ටාර් විසිනි.
ඩොලර් මිලියන 1.2 ක් වටිනා නොබෙල් ත්‍යාගය හිමිවීමත් සමඟ, ක්‍රස්නාහොර්කායි ද ටෝනි මොරිසන්, අර්නස්ට් හෙමිංවේ සහ කසුවෝ ඉෂිගුරෝ වැනි කීර්තිමත් සම්මානලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙයි.
සාහිත්‍ය විචාරකයන් පෙන්වා දෙන ආකාරයට, ක්‍රස්නාහොර්කායි යනු කාෆ්කාගෙන් පටන් ගෙන තෝමස් බර්න්හාඩ් යන මහා ලේඛකයන් දක්වා විහිදෙන මධ්‍යම යුරෝපීය සම්ප්රදායේ මහා කැපී පෙනන සාහිත්‍යකරුවෙකි. ක්රස්නාහොර්කායිගේ ලේඛන ශෛලිය විකාරරූපීවාදය (absurdism) සහ අතිශයෝක්තියෙන් යුත් විරූපීභාවය (grotesque excess) මගින් සංලක්ෂිත වන බව ද පැවැසෙයි.
ක්රස්නාහොර්කායිගේ 'Herscht 07769' නමැති කෘතිය, ජර්මනියේ ඇති වූ සමාජ නොසන්සුන්තාව ඉතා නිවැරදිව නිරූපණය කිරීම නිසා, සුවිශිෂ්ට සමකාලීන ජර්මානු නවකතාවක් ලෙස විස්තර කර ඇත.
පසුගිය වසරේ නොබෙල් සාහිත්‍යය සම්මානය හිමි වූයේ දකුණු කොරියානු ලේඛිකා හන් කං ට ය. හන් කං, නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත් ප්‍රථම දකුණු කොරියානු ලේඛිකාව සහ 18 වන කාන්තාව ද වෙයි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාහිත්‍ය සම්මානය හංගේරියානු ලේඛකයාට