IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ස්වීඩන අගමැති විශ්වාසභංගය පරදී

ස්ටෙෆාන් ලෝවන් ස්වීඩන ඉතිහාසයේ විශ්වාසභංගයකින් පරාජයට පත්වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.

ස්වීඩන ආණ්ඩුවට එරෙහිව එරට අන්ත දක්ෂිණාංශික ‘ස්වීඩන් ඩිමොක්‍රටික්’ පක්ෂය පසුගිය සතියේ දී විශ්වාසභංගය ගෙනා අතර එහි ඡන්ද විමසීම අද පැවැත්විණි.

ආණ්ඩුව බදු කුලී පාලනය කිරීම සඳහා ගෙන ඒමට නියමිතව ඇති නියෝගවලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින බව පසුගිය දිනවල ආණ්ඩුවට සහාය දුන් වාමාංශික පක්ෂය  සඳහන් කළේය.

ස්වීඩනයේ සාම්ප්‍රදායික ‘මොඩරේට්’ පක්ෂය සහ ක්‍රිස්ටියන් පක්ෂය විශ්වාසභංගයට සහාය දුන්නේ ය.

ස්වීඩන පාර්ලිමේන්තුව මන්ත්‍රී ආසන 349කින් සමන්විත අතර විශ්වාසභංගයට සහාය පළ කරමින් මන්ත්‍රීවරුන් 181 දෙනකු ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ස්වීඩන දේශපාලන ඉතිහාසයේ විශ්වාසභංග 11ක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ සියල්ලම පරාජයට පත්ව ඇත.

ඒ.එෆ්.පී.



අදහස් (0)

ස්වීඩන අගමැති විශ්වාසභංගය පරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site