
ස්වීඩනය ‘නේටෝ’ සාමාජිකයකු වීම දැකගන්න තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයට ආ ස්වීඩන අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටෝර්සන් හමුවී ඔහු සමඟ සාකච්ඡා කරද්දීය.
ස්වීඩනය යුරෝපා රාජ්‍යයකි. ස්වීඩනය මෙන්ම ෆින්ලන්තය ද මේ වනවිට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය වෙනුවෙන් ඇයදුම්පත් යොමු කර තිබේ.
ස්වීඩනය සහ ෆින්ලන්තය මෙසේ ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් බිය පළ කරමිණි.
‘නේටෝ’ යනු රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින්, ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් එක් වී පිහිටුවා ගත් යුද සන්ධානයයි.
ෆින්ලන්තයට මෙන් නොව, ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගැනීමේ දී ගැටලුවක් පවතී. ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගැනීමට නම්, තුර්කියේ අනුමැතිය අවශ්‍ය වෙයි. තුර්කිය ද ‘නේටෝ’ සාමාජිකයෙකි.
රුසියාව සමඟ යහපත් සබඳතා පවත්වන එකම ‘නේටෝ’ සාමාජිකයා තුර්කියයි. තුර්කි රජයට එරෙහි විපක්ෂ ක්‍රියාකාරීන් බොහෝ දෙනකුට ස්වීඩනය රැකවරණය දෙයි. තුර්කිය ස්වීඩනයට විරෝධය දක්වන්නේ මේ නිසාය.
ලබන සතියේ ලිතුවේනියාවේ දී ‘නේටෝ’ සමුළුවක් පැවැත්වෙයි. එහිදී තුර්කිය ස්වීඩනය සම්බන්ධයෙන් ගන්නා තීරණය නිවේදනය කෙරෙනු ඇත.
ස්වීඩන අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටෝර්සන් උණුසුම් ලෙස පිළිගත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය.
‘නේටෝ’ සාමාජිකයකු වීමට ස්වීඩනයට අවශ්‍ය සම්පූර්ණ සහාය ඇමෙරිකාවෙන් ලැබෙනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ස්වීඩන අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළේය. ඇමෙරිකාව සහ ස්වීඩනය අතර ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්වීඩන අගමැති ධවල මන්දිරයේ