
ස්වීඩනය සහ ෆින්ලන්තය, නිල වශයෙන් ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලුම් කර තිබේ.
‘නේටෝ’ සංවිධානය ද ස්වීඩනය සහ ෆින්ලන්තයට සාමාජිකත්වය ලබා දීමට එකපයින් කැමැත්ත පළ කර ඇති අතර, සාමාජිකත්වය ලබා දීමේ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කිරීමට වසරක කාලයක් ගත වනු ඇතැයි පැවැසෙයි.
ස්වීඩනය සහ ෆින්ලන්තය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලුම් කිරීම, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති බවත්, ස්වීඩනය සහ ෆින්ලන්තය ගත් තීරණය රුසියන් ජනාධිපති පුටින්ට එල්ල කළ ‘අතුල් පහරක්’ බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.
ස්වීඩනය මෙන් නොව ෆින්ලන්තය, රුසියාවේ අසල්වැසියකු වන අතර, රුසියා සහ ෆින්ලන්තය අතර දේශසීමාව කිලෝ මීටර් 1,340 කි.
ස්වීඩනය සහ ෆින්ලන්තය‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලීමත් සමඟ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ තම හමුදාවට අයත් න්‍යෂ්ටික අවි රුසියන් ෆින්ලන්ත දේශසීමාවේ ස්ථාපිත කිරීමට කඩිනමින් පියවර ගන්නා බවය.
මේ වනතුරු ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝවට සහාය දැක්වූ රාජ්‍යයන් ලෙස කටයුතු කළ අතර කලාපීය අර්බුදවලදී ඔවුන් නිර්පාක්ෂීව තීන්දු තීරණ ගත්තේය. ‘නේටෝ’ සංවිධානය පිහිටුවීමේ අරමුණ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය. ‘නේටෝ’ සාමාජිකයන් බවට පත් වුණු රටවල් ගණන 30 කි.
ස්වීඩනය සහ ෆින්ලන්තය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලුම් කළේ රුසියාව, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය මුල්කොට ගනිමිනි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට කටයුතු කළේ, යුක්රේනය නේටෝ හිතවාදී රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමත් නේටෝ සාමාජිකත්වයට කැමැත්ත පළ කිරීමත් නිසාය.
යුක්රේනය රුසියාවේ සමීපතම අසල්වැසියා වන අතර, නේටෝ සාමාජිකත්වය යුක්රේනයට හිමිවුවහොත්, එය රුසියාවේ ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් වනු ඇතැයි රුසියාවේ විශ්වාසයයි. රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් අවස්ථාවේදී කියා සිටියේ, තමන් යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගත්තේ ‘නේටෝ’ සංවිධානය තවත් පුළුල් වීමට ඉඩ නොතබමින් බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්වීඩනය-ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ඉල්ලයි