IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ස්විට්සර්ලන්තයේ බස් රථ අනතුරකින් 28ක් මරුට

නිවාඩු සමය අවසන් කර සිය ගම්බිම් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු ස්විට්සර්ලන්තයේදී ඊයේ(14) අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් මඟීන් 28 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විසිහතර දෙනකු තුවාල ලබා ඇති බවත් ස්විට්සර්ලන්ත පොලිසිය ප‍්‍රකාශ කළේය. ස්විට්සර්ලන්තයේ සියරාහි සිට සියොන් නගර අතර පිහිටා ඇති  බිංගෙයක් තුළින් ගමන් කරමින් සිටියදී එහි බිත්තියේ වැදීමෙන්  අනතුර සිදුව ඇති බව වාර්තා වේ. බස් රථය අනතුරට ලක් වූ අවස්ථාවේදී පනස්දෙදෙනකු එහි ගමන් කර ඇත. බස් රථය බිංගෙය තුළින් ගමන් කරන අවස්ථාවේදී හදිසියේම ඇලවීගොස් අසල තිබූ බිත්තියෙහි වැදීමෙන් බසයේ ඉදිරිපස කොටසට දැඩි අලාභහානි සිදුව ඇතිබව සිද්ධිය දුටුවෝ පවසති. සිද්ධිය සැලවීමෙන් අනතුරුව බෙල්ජියම් අගමැති ඉලියෝ ඩි රූපෝ කියා සිටියේ මෙය බෙල්ජියම කම්පා කළ සිදුවීමක් බවත් අනතුර සිදුවූ ස්ථානයට තමන් හැකි ඉක්මනින් යාමට බලාපොරොත්තු වන බවත්ය. අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිසිය සහ ගිනි නිවීම් සේවා නිලධාරීන් එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කළ අතර බිංගෙය තාවකාලිකව වසා දැමූහ. එම ස්ථානයට පැමිණි හෙලිකෝප්ටර් යානා සහ ගිලන් රථ මඟින් අනතුරට පත් වූවන් රෝහල් කරා ගෙන යනු ලැබිණි. අනතුරින් තුවාල ලැබූවන් තමන් මුහුණදුන් භයානක අත්දැකීමෙන් කම්පනයට පත්ව සිටින බවත් ඔවුනට අවශ්‍ය මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය සේවා අංශ සූදානමින් සිටින බවත් එරට රෝහල් ආරංචි මාර්ග පවසයි. බස් රථ අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බවත් අනතුරින් බස් රථයේ රියැදුරා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිස් ප‍්‍රකාශකයෙකු පැවසීය. අනතුරට පත්වූ බස්රථය



අදහස් (0)

ස්විට්සර්ලන්තයේ බස් රථ අනතුරකින් 28ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 26 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site