IMG-LOGO

ස්විට්සර්ලන්තයේ ජනමත විමසුමක්

වෛද්‍ය පර්යේෂණ, ඖධෂ අත්හදා බැලීම් ආදිය සඳහා සතුන් යොදා ගැනීම නැවැත්වීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්වෙයි.

ඊට අමතරව, සිගරට් සීමා කිරීමේ අරමුණ ඇතිව, දුම්වැටි ප්‍රචාරණය සීමා කිරීම ද මෙම ජනමත විමසුමට ඇතුළත් වනු ඇතැයි පැවැසෙයි.

ජනමත විමසුමේ දී වෛද්‍ය පර්යේෂණ, ඖධෂ අත්හදා බැලීම් සඳහා සතුන් යොදා ගැනීම නැවැත්වීමට තීරණය කළහොත්, ස්විට්සර්ලන්ත ඖෂධ නිෂ්පාදන සමාගම්වලට එයින් දැඩි බලපෑම් එල්ල වනු ඇත.

ලොව ප්‍රධාන පෙළේ ඖෂධ පර්යේෂණ ආයතන ඇත්තේ ස්විට්සර්ලන්තයේය. ලෝ සුපතල ‘රෝච්’ සහ ‘නොවාරිට්ස්‘ යන ඹෟෂධ සමාගම් ඇත්තේ ස්විට්සර්ලන්තයේය.

2020 වසරේ පමණක් ස්විට්සර්ලන්ත පර්යේෂණාගාරවල පර්යේෂණ සඳහා යොදා ගනිමින් මියගිය සතුන් ගණන ලක්ෂ 5 කට වැඩි බව සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි.

ජනමත විමසුමේදී, පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම නැවැත්වීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කළහොත්, රටක් එවැනි තීරණයක් ගත් පළමු අවස්ථාව එය වනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ස්විට්සර්ලන්තයේ ජනමත විමසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 233 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 115 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1727 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site