IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සල්ලි වැඩිනම් මෙන්න වැඩක්

විනෝදය සදහා පැහැරගැනීමකට ලක් වීමට කැමැති අයෙකුට සේවා සපයන ආයතනයක් ඇමරිකාවේ ඩිට්‍රොයිට්හි වේ.

මේ ආයතනයට ඩොලර් 1500 ක් ගෙවූ පසු ඔබ නොසිතන වේලාවකදී ඔබ ‘පැහැරගැනීමට‘ ලක් වේ.අනතුරුව චිත්‍රපටි වල ඇති ලෙස වද දිීමද,කප්පම් ඉල්ලා පවුලේ අයවලූන් බිය ගැන්වීමද සිදු කෙරේ.

වද දීමේදී කැමති වද බන්ධනයක් තෝරාගැනීමේ අවස්ථාව හිමිය.හිස පහතට සිටින සේ කකුල් වලින් එල්ලා පහර දීම, කස පහර දීම,හුස්ම හිර කිරීම, ආදී වද බන්ධන ලැයිස්තුවකින් කැමති එකක් තෝරා ගැනීමේ අවස්ථාව ‘පැහැර ගැනෙන්නාට‘ ලබාදේ. ‘පැහැරගැනුනු‘ පසු පෙර තෝරා ගනු ලැබූ වද බන්ධනය ලබා දෙයි.

මේ ආයතනයේ හිමිකරු පවසන හැටියට මේ ජීවිතයේ ත්‍රාසය සොයා යන්නවුන්ටම වෙන්වූවකි.මුදල් ගෙවීම හා වද බන්ධනය තොරා ගැනීම සිය සේවාදායකයා විසින් සිදුකළද පැහැර ගන්නා දිනය,ස්ථානය, ආදී දේ සැළැසුම් කරන්නේ තමා ඇතුළු කාර්යමණ්ඩලය බව ඔහු පවසයි.තම සේවාදායකයා කිසිත් අපේක්ෂා නොකරන මොහොතක පැහැර ගෙන යාම සිදුකරන බව ඔහු කියයි.අනතුරුව වද බන්ධන දී,පවුලේ අය  ‘බියපත්‘ කර චිත්‍රපටියක ජවනිකා පෙළක් සේ පැහැරගෙන යාමේ සිට නිදහස් කිරීම දක්වා කටයුතු සංවිධානය කරන බව ඔහු පවසයි.

මේ නිසා අකරතැබ්බයට පත්ව ඇත්තේ ප්‍රදේශයේ පොලිසියයි.සැබෑ පැහැරගන්නවුන් හා මුදල් ගෙවා පැහැරගන්නවුන් කවුදැයි හදුනාගැනීම දැන් තමන්ට ගැටලූවක් වී ඇතැයි ඔවුන් කියයි.පසුගියදාක තරුණ යුවළක් පැහැර ගැනීමට ලක් වී ඔවුන්ගේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබී ඇති අතර පසුව යුවළ නිවසට පැමිණ මේ උපන්දිනයක් වෙනුවෙන් කළ විහිළුවක් යැයි පවසා තිබේ.ඒ වන විටත් පොලිසිය ප්‍රදේශයම ආවරණය වනසේ පරීක්ෂණ අරඹා ඇත.



අදහස් (0)

සල්ලි වැඩිනම් මෙන්න වැඩක්

චමින්ද Thursday, 11 April 2013 12:27 PM

ඇමරිකාව දන්නේ මේ වගේ දේවල් කරන්න තමයි. පිස්සු නැත්නම් හොදයි. සැබෑවටම පැහැර ගන්න කල්ලිවලට මග පෑදීමක්. (නි)

:       0       0

බුද්ධික Thursday, 11 April 2013 10:03 PM

පොලිසියට කියලම ඉස්සුවා නම් ඉවරයි නෙව. (නි)

:       0       0

සෙනරත් Thursday, 11 April 2013 10:31 PM

ලංකාවේ කට්ටියට මේ සමාගමේ ජොබ් වලට සුදුසුකම් ගොඩක් තියෙනවා (නි)

:       0       0

රුමී Thursday, 11 April 2013 12:58 PM

ඉතින් ඔය ආයතනය තහනම් කළා නම් ඉවරයි නේ (නි)

:       0       0

සම්පත් Thursday, 11 April 2013 04:44 PM

මෝඩ වැඩ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site