IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සල්ලිත් එපා : පිට්ඔන් ගෙදරදී

ඇඳුමක් නිවසටම රැගෙන ගොස් හැඩ බලා ආපසු පැමිණ මුදල් ගෙවීමට හෝ ඇදුම ගැන මනාපයක් නොමැති නම් එය යළි භාරදීමට හෝ අවස්ථාව සළසා දී තිබෙන අපූරු ඇගලූම් වෙළදසැලක් ගැන වාර්තා වන්නේ ජපානයෙනි.

‘ගු‘ නම් වන මේ වෙළදසළ ජපානයේ කාන්තාවන් අතර ප්‍රකටය.එහි අතේ ඇති ගාණට හිතේ හැටියට මිලදී ගත හැකි ඇගලූම් බොහෝ ඇති බව සදහන්ය.

වෙළදසලේ පාලනාධිකාරිය තව තවත් පාරිභෝගිකයින් වැඩියෙන් ඇද ගැනීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන කි්‍රයාත්මක කර ඇත.ඒ අනුව එක් දිනකදී වෙළසලට පැමිණෙන කාන්තාවන් 30 දෙනෙකුට තමන් කැමති ඇදුම් 3 ක් මුදල් නොගෙවාම රැගෙන යා හැකිය.ඒවා සුදුසු යැයි හැගේ නම් මුදල් ගෙවීමටත් නුසුදුසු යැයි හැගේ නම් යළි භාරදීමටත් ඔවුන්ට දින 3 ක කාලයක් ලබා දේ.

ඇදුම් රැගෙන යාමට ප්‍රථමයෙන් අත්පිට මුදලක් හෝ හැදුනුම්පත් අංකය, ක්‍රෙඩිට් කාඩ් අංකය වැනි කිසිදු දෙයක් ඔවුන්ගෙන් ලබා නොගැනීමද විශේෂත්වයකි.දින 3 ක් ඇතුළතදී යළි පැමිණෙන්නැයි ඇදුම් රැගෙන යන කාන්තාවන්ට උපදෙස් දීම පමණක් සිදුවේ.

මෙය ඇදුම් සොරාගැනීමට කාන්තාවන් පොළඹවන්නක් යැයි ඇතැමුන් කීවත් වෙළදසැලේ පාලනාධිකාරිය පවසන්නේ මේ දක්වා ඇදුම් රැගෙන ගිය එකදු කාන්තාවක හෝ වංචාවක් සිදුකර නොමැති බවයි.ඔවුන් තමන්ට සැළසී ඇති වාසිය දන්නා හෙයින් එය අහිමි කර ගැනීමට කටයුතු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔවුන් කියයි.

වෙළදසැලේ තවත් ශාඛා චීනයේ හා තායිවානයේ පිහිටා තිඛෙන අතර මෙම වැඩසටහන ඒවායේත් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.



අදහස් (0)

සල්ලිත් එපා : පිට්ඔන් ගෙදරදී

ගාමිණී - සිරි Friday, 27 June 2014 05:03 PM

අනේ "ගු " සමාගමේ ශාඛාවක් අපේ රටෙත් අරින්නකෝ ...අපේ නංගිලාත් .. මොඩ්.. වෙයි! ඔබ සමාගම බලා සිටියදීම දියුණුවෙයි. (දී)

:       0       0

ලංකා Friday, 27 June 2014 05:34 PM

අන්න මරු වැඩක් (දී)

:       0       0

සෝමා Friday, 27 June 2014 07:34 PM

අනේ ඕකෙන් එකක් අරන් එන්නකෝ ලංකාවට. හෝමාගම පැත්තේ කාන්තාවක් වතුර මෝටරයක් ඇදුම අස්සේ ගහගෙන ගියා කියා වසර කීපයකට පෙර දැන ගන්න ලැබුනා (නදී)

:       0       0

චාමිකර Monday, 30 June 2014 06:25 AM

මිනිස්සු තවත් ලෙඩ්ඩු කරන වැඩක් (දී)

:       0       0

සෑම් Saturday, 28 June 2014 05:25 AM

අවංකකම පරමාදර්ශය කරගත් ජපානය වගේ රටකට මේක සුදුසු උනාට අපේ රටට නම් මේ තත්වයට පරිනාමය වෙන්න තව වසර දහස් ගණනක් යාවි. (නදී)

:       0       0

චමින්ද Saturday, 28 June 2014 08:10 AM

හොරුත් ඇති. නැතුවා නොවෙයි. නමුත් බහුතරයක් ජපන් ජාතිකයන් අවංකයි. (නදී)

:       0       0

dass Thursday, 03 July 2014 09:33 AM

ගාමිණී දන්නෙම නැද්ද අපේ ගු සමාගම ගැන. (ස)

:       0       0

මංජුශ්‍රී Monday, 30 June 2014 05:46 PM

සෑම් අපේ රට මලාට පරිණාමය වෙන්නේ නැහැ පරිහානිය මිසක් (දී)

:       0       0

අර්ජුන් Sunday, 29 June 2014 05:00 AM

මාල වළලු නොතිත් අයට හරි යයිද දන්නේ නැහැ (දී)

:       0       0

තරිඳු Thursday, 03 July 2014 05:08 PM

ජපන් රටේ මිනිස්සු අවංකයි. කාගේ හරි සල්ලි බිම වැටුනා දැක්ක නම් පස්සෙන් දුවගෙන එනවා අයිතිකාරයට දෙන්න. (ස)

:       0       0

චමින්ද Saturday, 28 June 2014 12:26 PM

නව ප්‍රවන තා (දී)

:       0       0

මාලි Tuesday, 01 July 2014 07:47 PM

ගාමිණී දන්නෙ නැතුවට ලංකාවෙ කොච්චර එහෙම සමාගම් තියෙනවද? (නි)

:       0       0

දනුෂ්ක Friday, 27 June 2014 04:33 PM

අනේ ලංකාවටනම් එපා පිරිමි අපිට ඉන්න වෙන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site