IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


සෙලෙන්ස්කී චීන ජනපති හමුවන්න සැරැසෙයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.

මේ වනවිටත් යුක්රේන විදේශ ඇමැති දිමිත්‍රෝ කුලේබා සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී අතරේ දුරකතන සංවාද පැවැත්වෙයි. ඒ, යුක්රේන රුසියානු අර්බුදය සහ චීනයේ මැදිහත් වීම සම්බන්ධයෙනි. චීනය ‘කොන්දේසි විරහිතව’ රුසියාවට සහාය දෙනවා යැයි පවසා ඇති අතර, රුසියාව චීනයෙන් ඩ්‍රෝන යානා පවා ඉල්ලා ඇතැයි ඇමෙරිකාව පවසා තිබේ.

කෙසේ නමුත් චීනය දිගින් දිගටම රුසියාවට පවසා ඇත්තේ, යුද්ධය වහා නවත්වන ලෙසටය.
රුසියාව මෙන්ම චීනය ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවද්දී, එම සම්බාධකවලින් බේරීමට රුසියාවට සිටින විදෙස් බලවතා චීනයයි.

රුසියන් යුක්රේන අර්බුදයේ දී චීනයේ සහාය ලබා ගැනීමට යුක්රේනය උත්සාහ ගන්නේ මේ නිසාය. කෙසේ නමුත් චීනය දිගින් දිගටම පවසා ඇත්තේ තමන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.

(රොයිටර්)



අදහස් (0)

සෙලෙන්ස්කී චීන ජනපති හමුවන්න සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 150 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 91 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1685 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site