IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෙලෙන්ස්කිගෙන් යෝජනාවක්

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් ද කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 

යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවේවි යැයි සහතිකයක් ලැබෙන්නේ නම්, රුසියාව පහර දී අල්ලා ගත් යුක්රේනයේ පළාත්, රුසියන් පාලන ප්‍රදේශ ලෙස සලකන බව සෙලෙස්කී පැහැදිලි කර තිබේ. 

සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ යුක්රේනය රුසියාවට අයත් කොටසක් විය. 2014 වසරේ සිට රුසියාවත් යුක්රේනයත් අතර පවතින දේශසීමා ගැටුම්වලින් පසු අද 2024 වසර වෙද්දී, යුක්රේනයට අයත් භූමියෙන් සියයට 20 ක් පමණ ඇත්තේ රුසියන් හමුදා පාලනය යටතේය. ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවන්නේ නම්, රුසියාවට ‘පරිත්‍යාග’ කිරීමට යුක්රේන ජනාධිපති සූදානම් වන්නේ එම භූමි ප්‍රදේශ යැයි ද පැවැසෙයි.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවේ තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි. යුක්රේන ජනාධිපති සෙලේන්ස්කීගේ රජය උත්සාහ ගන්නේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමටය. 

එය අසල්වැසි රුසියාවට විශාල තර්ජනයකි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ ද මේ නිසාය.

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් සැණින්, පැය 24 ක් ඇතුළත යුද්ධය නිමා කරන බවය. මේ වනවිට ට්‍රම්ප් සහ සෙලෙන්ස්කී අතරේ ද යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

ට්‍රම්ප් විශේෂ නියෝජිතයකු ද යුක්රේන රුසියන් යුද්ධය සම්බන්ධයෙන් පත් කර ඇත. ට්‍රම්ප් ගැන පැහැදීමකින් කතා කරන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද පවසා ඇත්තේ ට්‍රම්ප්ට කන් දීමට රුසියාව සූදානමින් බවය.



අදහස් (0)

සෙලෙන්ස්කිගෙන් යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site