IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිරියා හමුදා පොලිස් ප‍්‍රධානී ජනරාල් අසීස් කැරැලිකාර පිලට

බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට අයත් හමුදා පොලිසියේ ප‍්‍රධානී මේජර් ජනරාල් අබ්දුල් අසීස් ජසෙම් අල් ෂල්ලාල් ඊයේ (27) කැරැලිකාර පාර්ශවයට එක් විය.
මාස 21 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය හමුවේ කැරැලිකරුවන්ට එක් වූ සිරියානු රජයේ ඉහළ පෙළේ ආරක්ෂක ප‍්‍රධානියා ලෙස ජනරාල් අබ්දුල් සැලකෙයි.
මේ වනවිට ජනරාල්වරයා සිරියාවෙන් පලා ගොස් අසල්වැසි තුර්කියට පැමිණ එහි සිටින සිරියානු විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ කැරැුලිකරුවන් සමඟ අත්වැල් බැඳගෙන සිටින බව විදෙස් පුවත් සේවා පවසයි.
ඔහු අරාබි රූපවාහිනී නාළිකාවක පෙනී සිටිමින් විශේෂ ප‍්‍රකාශයක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ සිරියා රජයේ ඝාතන තවත් ඉවසා සිටිය නොහැකි වූ හෙයින් සිරියානු වැසියන් ගැන සිතා තමා කැරැලිකරුවන් සමඟ එක් වීමට තීරණය කළ බවය.
නිදහස වෙනුවෙන් සටන් කරන සිරියානු වැසියන්ට තමන් සහාය වන බවත් සිරියා රජය ඔවුන්ට එල්ල කරන ප‍්‍රහාර තමා හෙළා දකින බවත් ජනරාල් අබ්දුල් වැඩි දුරටත් කියා සිටියේය.
ජනරාල්වරයා තමන්ට එක් වීම තමන් ලැබූ ජයග‍්‍රහණයක් බවත් ඔහු තමන්ට එක් වූයේ සිරියා රජයේ බිඳ වැටීම ආසන්න වූ නිසා බවත් කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන හඬ ලෙස සැලකෙන සිරියානු ජාතික පාලක මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

මේජර් ජනරාල් අබ්දුල් අසීස් ජසෙම් අල් ෂල්ලාල්



අදහස් (0)

සිරියා හමුදා පොලිස් ප‍්‍රධානී ජනරාල් අසීස් කැරැලිකාර පිලට

ලාල් Sunday, 30 December 2012 06:39 PM

තම ජාතියම විනාශ කරගන්නවා නේද? විශිෂ්ටයි. (නි)

:       0       0

උපාලි Saturday, 29 December 2012 12:09 AM

ආත්මාර්ථකාමී පිම්මක්. (නි)

:       0       0

මධු Saturday, 29 December 2012 02:50 AM

තව හිටියොත් වෙන දේ එයා දන්නවා ඇති. (නි)

:       0       0

මුතුකුඩ Friday, 28 December 2012 07:57 PM

මේවාට කියන්නේ දේශපාලන ජම්පිං කියලා. (නි)

:       0       0

සිල්වා Sunday, 30 December 2012 05:29 PM

කවුද කැමති අකාලයේ ජීවිතය නැතිකර ගන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site