IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිරියා හමුදා ප‍්‍රහාරයෙන් ඩරායා නුවර 95 ක් මරුට

සිරියා රජයේ හමුදා ඊයේ (6) එරට ඩරායා නගරයට එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් 95 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව මානව හිමිකම් සුරැුකීමේ සංවිධාන පවසයි. සිරියා හමුදාව ඩරායා නගරයට ෂෙල් වෙඩි එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ද ඊයේ අන්තර් ජාලයේ යූ ටියුබ් හරහා පළ වී තිබුණි. එම වීඩියෝ දසුන් අන්තර් ජාලයට එක් කරනු ලැබ තිබුණේ සිරියාවේ විපක්ෂ කණ්ඩායම් විසිනි. ඩරායා නගරය පිහිටා ඇත්තේ ඩමැස්කස් අගනුවර ද අයත් වන ඩමැස්කස් ප‍්‍රාන්තයේයි. මානව හිමිකම් සුරැුකීමේ සංවිධාන පෙන්වා දෙන අන්දමට ඩරායා නුවර කැරැුලිකරුවන් සහ රජයේ හමුදා අතර පැවැති දරුණු ගැටුම්වලදී හමුදා සෙබළුන් 24 දෙනකු ද මියගොස් ඇත. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයකු වන කොෆී අනන්ගේ සාම සැලැස්ම අසාර්ථක වීමෙන් පසු සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති බවය. මාස 16 කට ආසන්න කාලයක් තිස්සේ පවතින ගැටුම්වලින් 16,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් කියා සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්වාස කරන්නේ සිරියාවේ පවතින අර්බුදය විසඳා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට නම් සිරියා රජයේත් කැරැලිකාර පාර්ශ්වයේත් නියෝජිතයන් එක් කොට සමඟි රජයක් පිහිටුවිය යුතු බවය.



අදහස් (0)

සිරියා හමුදා ප‍්‍රහාරයෙන් ඩරායා නුවර 95 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site