IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිරියා හමුදාව ගැන බි‍්‍රතාන්‍යය විමසිල්ලෙන්

බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා රසායනික අවි භාවිත කරමින් කැරැලිකරුවන්ට පහර දෙන්නේදැයි තමන් විමසිල්ලෙන් සිටින බවත් සිරියා රජයේ රසායනික අවි ගබඩා ඇති ස්ථාන ගැන සොයා බලන බවත් බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසයි. "සිරියා රජය සතුව ඇති විස රසායනික අවි ගබඩා ගැන අප හුඟක් කනස්සල්ලෙන් ඉන්නවා. සිරියා රජය ඒවා යොදා ගනිමින් කරැලිකරුවන්ට පහරදීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා.” යැයි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් හේග් පැවැසුවේ මනාමා නුවර පැවැත්වෙන කලාපීය ආරක්ෂක සමුළුවේදීය. බි‍්‍රතාන්‍ය රජයත් ඇමෙරිකාව සමඟ එක් වී සිරියා ජනපති අසාද්ගේ රජයට අවවාද කර ඇත්තේ රසායනික අවි භාවිතා කිරීමෙන් වළකින ලෙස යැයි ද ආරක්ෂක ලේකම් හේග් අවධාරණය කළේය. සිරියානු රජය රසායනික අවි යොදා ගෙන ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව සිරියාවට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව ඇමෙරිකා ජනපති ඔබාමා පවසා ඇත. මේ අතර දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදයට තිරසාර සාම වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණ ඇතිව ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, රුසියා විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් සහ සිරියාව වෙනුවෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි අතර හදිසි හමුවක් ඉකුත් සතියේ පැවැත්වුණු නමුත් එය අසාර්ථක විය. සිරියා අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල සහාය හිමි වන්නේ සිරියා කැරැුලිකරුවන් සහ ඔවුන් විසින් පිහිටුවා ගනු ලැබූ අන්තර්වාර පාලක මණ්ඩලයටය. රුසියාවත් චීනයත් සහාය දක්වන්නේ ජනපති අසාද්ගේ රජයටය. බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්  විලියම් හේග්



අදහස් (0)

සිරියා හමුදාව ගැන බි‍්‍රතාන්‍යය විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site