සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සහ ගන්නා කැරැලිකරුවන් නියෝජනය කරන එරට විපක්ෂ දේශපාලන පක්ෂ එක් ව පිහිටු වූ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලය’ ට ලක්ෂ ගණනක මුදල් ආධාර ලබා දීමට තමන් කටයුතු කරන බව බි‍්‍රතාන්‍යය පවසයි. ලබා දෙන එම ආධාර අතර වෙඩි නොවදින කබා, වෛද්‍ය සහ සන්නිවේදන උපකරණ රැසක් ඇතුළත් වන බව බි‍්‍රතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග් පවසයි. බි‍්‍රතාන්‍යය කැරැලිකාර පාර්ශවයේ පැත්ත ගෙන ඔවුන්ට සහය දෙනවා නොව විපක්ෂ දේශපාලනඥයන්, සිවිල් වැසියන් සහ ගැටුමට මැදිව සිටින මානව කි‍්‍රයාකාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම උපකරණ තොගය ලබා දෙන බව බි‍්‍රතාන්‍ය විදේශ ඇමැතිවරයා අවධාරණය කරයි. කැරැුලිකාර පාර්ශවය නියෝජනය කරන දේශපාලන හඬ වන්නේ සිරියානු ජාතික පාලක මණ්ඩලයයි. සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ ඒකාධිපති පාලනය පෙරළා රටේ නව පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ ගන්නේ ද ඔවුන්ය. බි‍්‍රතාන්‍ය සිරියානු ජාතික පාලක මණ්ඩලයට හෝ කැරැලිකරුවන්ට අවි ආයුධ ලබා නොදන බව ද විදේශ ඇමැතිවරයා පවසයි. ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (11) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියා විපක්ෂ කණ්ඩායම්වලට බි‍්‍රතාන්‍යයෙන් මුදල් ආධාර
ශ්‍රියා Monday, 13 August 2012 04:05 PM
අයියෝ සල්ලි
පුලස්ති Wednesday, 15 August 2012 02:41 AM
එදා ඉදලා මෙයාලා කරන්නේ මේකනේ. (නි)