IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සිරියා රජයේ හමුදා ඇලෙප්පෝ නගරය මුදා ගැනීමට සටන් අරඹයි


සිරියා රජයේ හමුදා හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව කැරැුලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින ඇලෙප්පෝ නගරය මුදා ගැනීමේ සටන් ඊයේ (11) ආරම්භ කළේය.
කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින නගර එකිනෙක මුදා ගැනීමට සිරියා රජයේ හමුදාවට හැකි වී ඇත්තේ, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන්ගෙන් ලැබෙන සහාය නිසාය.
පසුගිය පස් වැනිදා, ඔවුහු සිරියා ලෙබනන දේශසීමාවේ පිහිටි ක්වසාර් නමැති නගරය කැරැලිකරුවන්ගෙන් මුදාගත්හ. එය සිරියා හමුදාව ලැබූ විශාල ජයග‍්‍රහණයක් විය.
ඇලෙප්පෝ නගරයට පහරදීම සඳහා ද ප‍්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් සහ යුද ටැංකි යොදා ගැනිණි.
සිරියා රජයේ හමුදා ඇලෙප්පෝ නගරය වට කරමින් පහර දීම ආරම්භ කළේ, සිරියානු රජය පෙරළීමට සටන් වදින කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට ඇමෙරිකාව සූදානම් වෙද්දීය.
මේ වන විට ඒ ගැන තම අවධානය යොමු වී ඇති බවත් ඒ ගැන දීර්ඝ වශයෙන් සාකච්ජා පැවැත්වෙන බවත් ඇමෙරිකා රජය පවසයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ සෙසු බටහිර රටවල් වන බි‍්‍රතාන්‍යයත් ප‍්‍රංශයත් සහාය දෙන්නේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට සටන් කරන කැරැලිකරුවන්ටය.
එම කැරැලිකරුවන් සහ සිරියා විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් පිහිටුවනු ලැබූ පාලක මණ්ඩලය, සිරියා ජනතාවගේ සැබෑ දේශපාලන හඬ යැයි බටහිර රටවල් විශ්වාස කරයි.
ලිබියාව සම්බන්ධයෙන් මෙන්, සිරියාව සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට හැකියාවක් ලැබී නැත්තේ ද සිරියා අර්බුදය නිසා ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටීමය.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සිරියා රජයට එරෙහි යෝජනා සම්මත කර ගැනීමට උත්සහ කරද්දී, චීනයත් රුසියාවත් ඊට එරෙහි විය. චීනය සහ රුසියාව සහාය පළ කරන්නේ සිරියානු රජයටය.
මේ වනවිට සිරියාවේ අසල්වැසියකු වන ජෝර්දානයට ‘පේට්රියට්’ වර්ගයේ දිගු දුර මිසයිල තොගයක් මෙන්ම එෆ් 16 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානා ලබා දී, ජෝර්දානයත් සමඟ ඇමෙරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇත.
ඇමෙරිකා සෙබළුන් 200 ක බළඇණියක් ජෝර්දානයේ ස්ථානගත කර ඇත. ජෝර්දානය සිරියාවේ දකුණුදිග අසල්වැසියාය. උතුරින් පිහිටි අසල්වැසියා තුර්කියයි. ජෝර්දානය මෙන් නොව තුර්කිය නේටෝ සාමාජිකයෙකි. නේටෝව මේ වනවිට තුර්කියට ‘පේට්රියට්’ වර්ගයේ මිසයිල ලබා දී ඇත.
යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් තුර්කිය සහ ජෝර්දානය සූදානම් කිරීම ඇමෙරිකාවේ අරමුණ වී ඇති බවය. තුර්කියේ සිටින ඇමෙරිකා සෙබළුන්ගේ ගණන 400 කි.
සිරියා රජයේ හමුදාවට සහාය පළ කරමින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන් සිරියා අර්බුදයට සම්බන්ධ වීම ඔවුන් කළ බරපතළ වරදක් බවත් ඔවුන්ට එහි පලවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකාව පවසා ඇත.
සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය සටන්කාමී සංවිධානයක් පමණක් නොව, දේශපාලනික සංවිධානයක් ද වෙයි. සිරියා සිවිල් යුද්ධය තමාගේ යුද්ධයක් බවත් එය අවසන් වනතුරු සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බවත් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා පවසා ඇත.
සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදාව, අවස්ථා තුනකදී කැරැුලිකරුවන් ඉලක්ක කර ගනිමින් ‘සෙරීන්’ විස වායු යොදා ගෙන ප‍්‍රහාර එල්ල කළ බවට ප‍්‍රබල සාක්ෂි හමුවී ඇතැයි ප‍්‍රංශයත් බි‍්‍රතාන්‍යයත් පවසයි.
බි‍්‍රතාන්‍යයත් ප‍්‍රංශයත් මේ බව කියා සිටියේ එම විස වායු ප‍්‍රහාරවලට ලක් වුණු කැරැුලිකරුවන් සහ සිවිල් වැසියන් කිහිප දෙනකුගෙන් ලබා ගත් සාම්පල පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදීය.
සිරියා රජය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරයි. ඔවුන් කියන්නේ විස වායු වැනි රසායකික අවි යොදා ගනිමින් පහර දෙන්නේ තමන් නොව, කැරැලිකරුවන් කියාය. ඒ බව ඔප්පු කිරීමට තමන්ට සාක්ෂි ඇති බව ද සිරියා රජය වැඩි දුරටත් කියා සිටී.



අදහස් (0)

සිරියා රජයේ හමුදා ඇලෙප්පෝ නගරය මුදා ගැනීමට සටන් අරඹයි

උදය Wednesday, 12 June 2013 02:51 PM

ලෝක යුද්දයක් කරා මෙය දිව යන බව මම පෙරද පැවසුවෙමි. මෙය ප්‍රදාන ලෙස මුස්ලිම් මුස්ලිම් යුද්දයක් වනු ඇත. දෙවනුව ධනවාදී සමාජ වාදී යුද්දයක් ලෙස කරලියට පැමිණෙනු ඇත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site