අත්අඩංගුවේ සිටි ඉරාන ජාතික සිරකරුවන් 48 දෙනකු නිදහස් කිරීමට සිරියානු කැරැුලිකරුවන් පෙරේදා (9) තීරණය කළ අවස්ථාවේදී සිරියානු රජය ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි සිරියානු සිවිල් වැසියන් 2,000 ක් නිදහස් කළේය.
එම ඉරාන ජාතිකයන් 48 දෙනා සිරියානු කැරැලිකරුවන් අතට පත් වූයේ ඉකුත් අගෝස්තු මාසයේදීය.
කැරැලිකරුවන් චෝදනා කරන්නේ එම පිරිස ඉරාන විප්ලවීය හමුදා සාමාජිකයන් බවත් ඔවුන් සිරියාවට පැමිණියේ සිරියා රජය සමඟ එක් වී තමන්ට විරුද්ධව සටන් වැදීමටත් කියාය.
එම පිරිස මරා දමන බවට ද සිරියානු කැරැලිකරුවෝ තර්ජනය කළහ. එම අවස්ථාවේ තම අත්අඩංගුවේ සිටින සිරකරුවන් සහ එම ඉරාන ජාතිකයන් හුවමාරු කර ගැනීමට සිරියානු රජය යෝජනා කළේය.
සිරියානු කැරැලිකරුවන් පවසන්නේ සිරියා රජයේ අත්අඩංගුවේ සිට නිදහස ලැබූවේ දේශපාලන කි‍්‍රයාකාරීන් බවය. කෙසේ නමුත් එම පිරිස ගැන හෝ නිදහස් කිරීමෙන් පසු ඔවුන් ගියේ කොහෙටදැයි හෝ සිරියානු රජය මෙතෙක් අනාවරණය කර නැත.
මාස 21 ක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදයේදී ඉරානය සිරියාවට සහාය දෙයි. ඉරාන විප්ලවීය හමුදා නිලධාරීන් පමණක් නොව හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් ද සිරියාවට පැමිණ සිටින බව වාර්තා වී ඇත.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියා රජයත් - කැරැලිකරුවනුත් අතරේ සිරකරුවන් හුවමාරුවක්