IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියා තානාපති කාර්යාලවලට ප‍්‍රහාර

කුවේට්, ලන්ඩන් සහ කයිරෝ නුවර පිහිටි සිරියා තානාපති කාර්යාලවලට කලහකාරී පිරිස් පෙරේදා (4) ප‍්‍රහාර එල්ල කළහ. ප‍්‍රහාර එල්ල කළේ ඒ ඒ රටවල වාසය කරන සිරියා ජාතිකයන් බවත් සිරියා ජාතික ධජ අතැතිව පැමිණි ඔවුන් සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව විරෝධතා පවත්වන්නන් බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. විරෝධතාකරුවන්ගේ ප‍්‍රහාරවලින් බරපතළ ලෙස හානි සිදුවූයේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිරියානු තානාපති කාර්යාලයටය. එකසිය පනහකට ආසන්න පිරිසක් හිටිහැටියේ කඩා වැදී තානාපති කාර්යාලයට පහර ගිනි තැබූ බව කයිරෝ පොලිසිය පවසයි. ලන්ඩන් නුවර සිරියා තානාපති කාර්යාලයට ද එකසිය පහනකට වැඩි විරෝධතාකරුවෝ පිරිසක් කඩා වැදීමට උත්සාහ කළහ. එම අවස්ථාවේ, වහා කි‍්‍රයාත්මක වූ ලන්ඩන් කැරැලි මර්දන පොලිස් නිලධාරීන් එම පිරිස් විසිරුවා හැරිය බවද වාර්තා විය.



අදහස් (0)

සිරියා තානාපති කාර්යාලවලට ප‍්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site