IMG-LOGO

සිරියා ජනපති අසාද් ධූරයෙන් ඉවත්වීමේ සූදානමක්

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡුා ආරම්භ කර ඇති බව එරට රජය පෙරේදා(21) ප‍්‍රකාශ කළේය. අභ්‍යන්තර යුද්ධයක් දක්වා දිග්ගැස්සුණු සිරියා අර්බුදය විසඳීමේ අරමුණින් මෙම සාකච්ඡා ආරම්භ කිරීමට තම රජය තීරණය කළ බව රුසියාවේ සංචාරයක නිරත සිරියානු නියෝජිත කණ්ඩායම පෙරේදා කියා සිටියේය. මේ වන විට සිරියාව පුරා ගැටුම්කාරී තත්ත්වය උත්සන්නව ඇති බවත් පෙරේදා රජයේ හමුදා සහ කැරැලිකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් සිවිල් වැසියන් 128 දෙනකු ජීවිතක්ෂයට පත්ව 81 දෙනකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දිනපතා රට තුළ ගැටුම් උත්සන්නවීමත් සමඟ ජාත්‍යන්තරයෙන් ජනපති අසාද්ට සිය ධූරයෙන් ඉවත්වන ලෙසට වන බලපෑම් හමුවේ එරට රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අසාද්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව රුසියාව සමඟ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව කී සිරියා උප අගමැති කදීර් ජමිල් සඳහන් කළේ ජනපති අසාද්ගේ ඉල්ලා අස්වීම සුහදව සිදුවන එකක් බවයි. සිරියා උප අගමැති කදීර් ඇතුළු නියෝජිත කණ්ඩායම රුසියාවට පැමිණ ඇත්තේ සිරියාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට බව ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කරයි. වත්මන් ජනපති අසාද්ට ද එම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන්ද රුසියානු රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව එම පුවත්සේවය වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරියා විපක්ෂ කි‍්‍රයාකාරීන් පැවසුවේ අන්තර්වාර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳව තමන් අවධානය යොමු කර ඇති බවයි. එහිදී අන්තර්වාර රජයට වත්මන් පාලකයන් සම්බන්ධ කර ගන්නේද යන්න පිළිබඳව ඔවුහු අදහස් දක්වා නොමැති බව වාර්තා වේ.



අදහස් (0)

සිරියා ජනපති අසාද් ධූරයෙන් ඉවත්වීමේ සූදානමක්

හසිත් Thursday, 23 August 2012 11:23 AM

සිරියාවට කොහොම හරි ෂරියා නීතිය ගේන්න ඕන.(ස)

:       0       0

ෂහේහාර් ඩේවුඩ් Thursday, 23 August 2012 04:34 PM

මේ සේරම වෙන්නේ සරියා නීතිය නිසයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 523 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site