බලයෙන් ඉවත් වුවහොත් හෝ බලය අහිමි වුවහොත් හෝ සිරියා ජනපති බෂීර් අල් අසාද්ට සහ ඔහුගේ පවුලේ අයට දේශපාලන රැකවල් ලබා දී, ඔවුන් ආරක්ෂා කිරීමට තමන් කැමැති යැයි ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරය පවසයි. එක්වදෝර ජනපති රෆායෙල් කොරයා මේ බව කියා සිටියේ ඊයේ (11) එරට ජාතික පුවත්පතක් වන ‘ෆෝලා දේ සා ඕ පාවුලෝ’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිණි. සිරියානු නියෝජ්‍ය විදේශ ඇමැති ෆයිසාල් මෙක්ඩාඞ් මීට සති දෙකකට පෙර එක්වදෝරයේ ක්වෙටා නුවර සංචාරය කළේය. ජනපති අසාද්ට රැකවරණ ලබා දෙන මෙන් එක්වදෝර රජයෙන් ඉල්ලීමක් කළේ ඔහුය. ඇමෙරිකාවේ හමුදා සහ රාජ්‍ය රහස් ලොවට හෙළි කිරීමේ වරදට ඇමෙරිකාවේ උදහසට ලක් වී ස්වීඩනයට පිටුවහල් කිරීමෙන් වැළැකී බි‍්‍රතාන්‍යයේ සිටින විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්ට ද රැකවරණ දීමට එක්වදෝරය කැමැත්ත පළ කර ඇත. මේ වනවිටත් බි‍්‍රතාන්‍ය පොලිසියෙන් බේරී ඇසෙන්ජ් සැඟවී සිටින්නේ ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයේය. ඔහුට එක්වදෝරයට පැමිණීමට එන්වදෝර රජය අවසර දී ඇති නමුත් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටතට යෑමට හැකියාවක් ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ ඔහු පිටතට පැමිණියහොත් අත්අඩංගුවට ගෙන ස්වීඩනයට උදර්පණය කිරීමට බි‍්‍රතාන්‍ය බලධාරීන් සීරුවෙන් සිටීමය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1769										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1769										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1453										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1453										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියා ජනපති අසාද්ට රැකවරණ දෙන්න එක්වදෝරය කැමැතිවෙයි
මධු Wednesday, 12 December 2012 02:15 PM
සල්ලි දෙන්නම් කියන්න ඇති (දී)
හසිත Wednesday, 12 December 2012 11:32 AM
මේ රට අපේ අයටත් ප්‍රයෝජනවත්. (නි)