IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සිරියා ජනපතිට හිතවත් රූපවාහිනී ආයතනයකට ප‍්‍රහාරයක්: 10 ක් මරුට

ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් පිරිසක් සිරියා ජනපති බෂීර් අල් අසාද්ට හිතවත් රූපවාහිනී ආයතනයකට කඩා වැදී එල්ල කළ වෙඩි තැබීම්වලින් එම ආයතනයේ සේවකයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 15 දෙනෙක් තුවාල ලැබූහ. කැරැුලිකරුවන් කඩා වැදී පහර දුන්නේ ‘ඉක්බාරියා’ නමැති පෞද්ගලික රූපවාහිනී ආයතනයේ මූලස්ථානයටයි. එය පිහිටා ඇත්තේ සිරියාවේ ඩමැස්කස් අගනුවර සිට කිලෝ මීටර් 20 ක් දුරිනි. සිරියා විපක්ෂය සහ කැරැුලිකාර පාර්ශ්වය චෝදනා කරන්නේ ‘ඉක්බාරියා’ රූපවාහිනී ආයතනය සිරියා රජයට පක්ෂපාතී අයුරින් ප‍්‍රවෘත්ති සහ වැඩසටහන් ඉදිරිපත් කරන බවටය. ආයුධ සන්නද්ධ කැරැුලිකරුවෝ පහළොස් දෙනකු පමණ ප‍්‍රහාරය සඳහා පැමිණි බවත් ඔවුන් රූපවාහිනී ආයතනයේ උපකරණ සියල්ල විනාශ කළ බවත් වාර්තා වේ. කැරැලිකරුවන් එල්ල කළ අත්බෝම්බ ප‍්‍රහාර කිහිපයකින් ද ආයතනයේ කාර්යාල කාමර කිහිපයක් විනාශ වූ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සිරියාවේ මාධ්‍ය කි‍්‍රයාත්මක වන්නේ එරට තොරතුරු තාක්ෂණ අමත්‍යාංශයේ නීතිරීතිවලට අනුවය. ‘ඉක්බාරියා’ පෞද්ගලික නාළිකාවක් වුවත් එයට ද තොරතුරු තාක්ෂණ අමත්‍යාංශයේ නීතිරීතිවලට පිටින් කටයුතු කිරීමට ඉඩ නොලැබේ. ‘ඉක්බාරියා’ රූපවාහිනී නාළිකාවට එල්ල වූ ප‍්‍රහාරය තමන් තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ‘ඉක්බාරියා’ රූපවාහිනී නාළිකාවට එම ප‍්‍රහාරය එල්ල වූයේ සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් එරට පාර්ලිමේන්තුව අමතමින් විශේෂ දේශනයක් පැවැත් වීමෙන් පැය කීපයකට පසුවය. ජනපති අසාද් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ සිරියාවේ ‘යුද තත්ත්වයක්’ හටගෙන ඇති බවය. මේ වනවිට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිරියාවේ ඩමැස්කස් අගනුවර තෙක් පැතිර පවතින බවත් සිරියා කැරැලිකාරුවන් සිරියා රජය සමඟ මුහුණට මුහුණ සටන් කිරීමට පවා ශක්තිමත්ව සිටින බව ද සිරියා ජනපති අසාද් පැවැසීය.



අදහස් (0)

සිරියා ජනපතිට හිතවත් රූපවාහිනී ආයතනයකට ප‍්‍රහාරයක්: 10 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 584 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 729 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 309 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site