බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ඉදිරිපත් කළ, කරුණු තුනකින් සමන්විත නව දේශපාලන යෝජනාවලියට යුරෝපා සංගමයෙන් ද විරෝධයක් එල්ල වී ඇති අතර යුරෝපා සංගමය පවසන්නේ සිරියා අර්බුදය විසඳීමට නම් අසාද් වහාම බලයෙන් ඉවත් විය යුතුයි කියාය.
මාස 21 කට වැඩි කාලයක් තිස්සේ රටේ පවතින අර්බුදය විසඳීමට අසාද් ඉදිරිපත් කළ යෝජනාවලට හැකියාවක් නැතැයි සිරියානු විපක්ෂ කණ්ඩායම් ද පවසා ඇත. එම යෝජනාවලට ඇමෙරිකාවෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.
ජනපති අසාද් එම යෝජනාවලිය හඳුන්වා දෙමින් කියා සිටියේ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමටත්, නව රජයක් ස්ථාපිත කිරීමටත් ජාතික සංහිදියාවක් ඇති කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවය. ජනතාව හමුවේ පෙනී සිටිමින් අසාද් එම නව දේශපාලන යෝජනාවලිය ඉදිරිපත් කරමින් වැදගත් කරුණු කාරණා රැසක් එළිදැක්වීය.
අසාද් ඉදිරිපත් කළ යෝජනාවලියේ පළමු කාරණාව අල් කයිඩාවේ සහාය ලැබෙන සිරියා කැරැලිකරුවන්ට බටහිර රටවල් ලබා දෙන ආධාර වහා නැවැත්විය යුතු බවය.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියා අර්බුදය විසඳන්න නම් ජනපති අසාද් ඉල්ලා අස්විය යුතුයි