IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියා අර්බුදය මැදපෙරදිගටත් ලෝකයටත් ප‍්‍රබල තර්ජනයක්

දිනෙන්දින උග‍්‍රවෙමින් පවතින සිරියා අර්බුදය මැදපෙරදිග කලාපයටත් සමස්ත ලෝකයටත් ප‍්‍රබල තර්ජනයක් බව ජාත්‍යන්තර සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි පෙරේදා(15) සිරියා ජනපති බෂාර් අල් අසාද් හමුවූ අවස්ථාවේදී කියා සිිටියේය. සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව කී බ‍්‍රහිමි එය සාර්ථක කර ගැනීමට නම් ත‍්‍රස්තවාදීන් පුහුණු කරන, ඔවුනට මූල්‍යමය ආධාර සපයන සහ ඊට සමගාමීව සිරියාවට ආයුධ ලබාදෙන රටවලට දැඩි බලපෑම් එල්ල කළ යුතු බව ද සඳහන් කළේය. සිරියාවේ කැරැලිකරුවන්ට ආයුධ සපයන රටවල කි‍්‍රයාකාරීත්වය නැවැත්වීම සම්බන්ධයෙන් ද බ‍්‍රහීමි සහ ජනපති අසාද් අතර පැවැති සාකච්ඡාවලදී අවධානයට ලක් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර සිරියාවේ මිතුරකු වන රුසියාව සඳහන් කළේ තමන් සිරියාවේ කිසිදු නායකයකුට ගැති නොවන බවත් ජනපති අසාද්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන  ඕනෑම යෝජනාවක් පැරැුදවීමට තමන් කටයුතු කරන බවත්ය. මේ වන විට සිරියා අර්බුදයට මාස 18ක් ගත වී ඇත. නමුත් එම අර්බුදය අවසන් වන බවක් ද දක්නට නොමැත. ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ සාම නියෝජිත බ‍්‍රහීමි සඳහන් කළේ ‘මේ අර්බුදය විසඳීමට සිරියා ජනතාව තුළින් මතුවන විසඳුමක් අවශ්‍යයි. අනතුරුව ගැටලූව විසඳීමට යම් ක‍්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු අතර ඉන් පසුව කලාපීය, ජාත්‍යන්තර සහාය ද ලබා ගත යුතු බවයි. සාම නියෝජිත බ‍්‍රහිමි සිරියා ජනාධිපති හමුවීමෙන් අනතුරුව එරට විදේශ අමාත්‍ය වලීඞ් මුලායම් සහ විපක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් සමඟ ද සාකච්ඡා පැවැත් වූ බව වාර්තා වේ. ලක්දාර් බ‍්‍රහීමි



අදහස් (0)

සිරියා අර්බුදය මැදපෙරදිගටත් ලෝකයටත් ප‍්‍රබල තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site