IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියා අර්බුදයට විසඳුම් සෙවීමේ අසාද්-අනන් සාකච්ඡා අසාර්ථකයි

සිරියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ සිරියා ජනපති බෂීර් අල් අසාද් අතර පැවැති සාකච්ඡා අසාර්ථක විය. වසරකට ආසන්න කාලයක් තිස්සේ පවතින සිරියා අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ විශේෂ නියෝජිතවරයා වන්නේ ද අනන්ය. සිරියා ජනාධිපති සහ අනන් අතර එම හමුව පැවැත්වූයේ ඩමැස්කස් නුවරදීය. ත‍්‍රස්තවාදී කල්ලිවලින් තම රටට එල්ල වන තර්ජන නිමා වන තුරු, රටේ පවතින දේශපාලන අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමට නොහැකි බව සිරියා ජනාධිපතිවරයා අනන්ට පවසා ඇත. දෙදෙනා අතර එම සාකච්ඡා පැවැත්වෙද්දී පවා සිරියා ආරක්ෂක හමුදා, උතුරු සිරියාවේ කඳුකරයේ නගර කීපයක කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේය. සිරියා ජනපතිට බලයෙන් ඉවත් වන්නැයි බල කරමින් විරෝධතා දක්වන කැරැලිකරුවන්, ආරක්ෂක හමුදා එල්ල කළ ප‍්‍රහාර හමුවේ පසුබා ගිය බව ද වාර්තා විය. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව සිරියාවේ ගැටුම්වලින් මේවනවිට 7,500 කට වැඩි පිරිසක් මියගොස් ඇත. මානුෂීය ආධාර සපයන සංවිධානවලට, සිරියාවේ දරුණු සටන් පවතින ප‍්‍රදේශවලට ඇතුළුවීමට ජනපති අසාද් ඉඩ නොදීම ද ගැටලූවක් වී ඇත. මේ අතර සිරියා අර්බුදයට විසඳුම් සෙවීමට නව රාජ්‍ය තාන්ති‍්‍රක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමේ අරමුණින් අද (12) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සමාජික රටවල විදේශ ඇමැතිවරුන්ගේ හමුවක් පැවැත්වීමට ද නියමිතය. සිරියාවේ පවතින ගැටුම් නතරකිරීමට බාධාවක් වී ඇත්තේ යුරෝපා රටවල් සහ රුසියාව අතර මත ගැටුමක් නිර්මාණය වී ඇති හෙයිනි. ජනපති අසාද් බලයෙන් ඉවත් කිරීමේ අරමුණින් සිරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ඒමට සැරසුණු යෝජනාවලියකට රුසියාව නිෂේධ බලය භාවිත කරමින් විරෝධය පළ කිරීම ඊට හේතුවයි. රුසියාවට අමතරව චීනය ද එම යෝජනාවලියට විරෝධය පළ කළේය. අනන් (වමේ) සිරියා ජනපති සමග සාකච්ඡා කරමින්...



අදහස් (0)

සිරියා අර්බුදයට විසඳුම් සෙවීමේ අසාද්-අනන් සාකච්ඡා අසාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site