IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිරියා අර්බුදයට මැදිවී ඇමෙරිකාව ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා

සිරියා රජයට එරෙහිව අවි ගෙන සටන් කරන්නේ ‘ත‍්‍රස්තවාදීන්’ පිරිසක් බවත්, ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කරනවා යැයි පවසන ඇමෙරිකාව, ඔවුන්ට සහාය දෙමින් ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවත් රුසියානු විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් පවසයි. රුසියානු විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඉකුත් 18 වැනිදා සිරියාවේ ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ඇමෙරිකාවේ ප‍්‍රසංශාව හිමි වීමත් සමඟය. එම බෝම්බ ප‍්‍රහාරයෙන් සිරියානු ආරක්ෂක ඇමැති ඩවුඞ් රාජා, ජනපති බෂීර් අල් අසාද්ගේ මස්සිනා මෙන්ම නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ද වන අසෙෆ් ෂව්කාත්, රජයේ උපදේශකවරයකු වන ජනරාල් හසන් ටර්ක්මේනී, අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් අල් ෂාර් සහ ජාතික ආරක්ෂක ප‍්‍රධානී ජනරාල් හිෂාම් ඉක්තියාර් මිය ගියහ. ප‍්‍රහාරයේ වගකීම කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන නිදහස් සිරියානු හමුදාව සහ ජිහාඞ් සටන්කාමී සංවිධානයක් බාර ගෙන ඇත. ජිහාඞ් සටන්කාමීන් යනු සිරියා කැරැලිකරුවන්ට සහාය දෙන අල් කයිඩා සටන්කාමීන්ය. ඇමෙරිකාවේ පරම හතුරා ලෙස සැළකෙන අල් කයිඩාව ඉරාකයේ පමණක් නොව, මේ වනවිට සිරියාවේ ද දරුණු ලෙස ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන බව ඉරාක බුද්ධි අංශ පවා පවසා ඇත. ඉකුත් 18 වැනිදා එල්ල වූ එම බෝම්බ ප‍්‍රහාරයෙන් ආරක්ෂක අංශ ජ්‍යේෂ්ඨයන් මියයෑම සිරියා කැරැලිකාර පාර්ශවය ලැබූ ජයග‍්‍රහණයක් බවත් බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන ජනපති බෂීර් අල් අසාද් ලැබූ විශාල පසුබෑමක් බවත් ඇමෙරිකාව පවසයි.



අදහස් (0)

සිරියා අර්බුදයට මැදිවී ඇමෙරිකාව ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 31 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site