IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිරියා අගනුවර අල්ලන්න හැදූ කැරැලිකරුවෝ පලවා හැරෙති

සිරියාවේ ඩමැස්කස් අගනුවර අත්පත් කර ගැනීමට සතියක් තිස්සේ සටන් කළ කැරැුලිකරුවන් පළවා හැරීමට එරට ජනාධිපති බෂීර් අල් අසාද්ගේ සොහොයුරු මහේර් අල් අසාද් මෙහෙය වූ විශේෂ හමුදා බලඇණිය පෙරේදා (22) සමත් විය. මහේර් අල් අසාද්ගේ හමුදා බළඇණිය කැරැලිකරුවන්ට ප‍්‍රහාර එල්ල කර ඇත්තේ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා ද භාවිතා කරමින්ය. දරුණු ගැටුම් පැවැතියේ ඩමැස්කස් අගනුවර බර්සේ පළාතේ යැයි මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති අසාද් බලයෙන් පහ කිරීමට සටන් කරන කැරැලිකරුවන්ගේ ‘නිදහස් සිරියානු හමුදාව’ ඉකුත් සතියේ ඩමැස්කස් අගනුවර අධි ආරක්ෂක කලාපයක පිහිටි ජාතික ආරක්ෂක අමත්‍යාංශයටද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළේය. එම බෝම්බ ප‍්‍රහාරයෙන් සිරියානු ආරක්ෂක ඇමැති ඩවුඞ් රාජා, ජනපති බෂීර් අල් අසාද්ගේ මස්සිනා මෙන්ම නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අසෙෆ් ෂව්කාත්, රජයේ උපදේශකවරයකු වන ජනරාල් හසන් ටර්ක්මේනී, අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් අල් ෂාර් සහ ජාතික ආරක්ෂක ප‍්‍රධානී ජනරාල් හිෂාම් ඉක්තියාර් ද මිය ගියහ. සිරියානු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ඝාතනය කිරීමට හැකි වීම සිරියා කැරැලිකාර පාර්ශවය ලැබූ ජයග‍්‍රහණයක් බවත් බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන ජනපති බෂීර් අල් අසාද් ලැබූ විශාල පරාජයක් බවත් ඇතැම් බටහිර පුවත් සේවා වාර්තා කරයි.



අදහස් (0)

සිරියා අගනුවර අල්ලන්න හැදූ කැරැලිකරුවෝ පලවා හැරෙති

මධූ Tuesday, 24 July 2012 12:34 PM

ගඩාෆිට වුණ දේ වගේ‍‍‍ ..... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site