IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියාවේ විස වායු ප‍්‍රහාරය:

සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයෝ පිරිසක් ඊයේ (26) එරට ඩමැස්කස් අගනුවරට පැමිණියහ.

එම පරීක්ෂකයන් ඩමැස්කස් නුවරට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය. ඔවුන්ට සිරියානු රජයේ ද පූර්ණ සහ සහාය හිමිවිය.

පරීක්ෂණ කණ්ඩායමට පැවැරී ඇත්තේ ඉකුත් 21 වැනිදා සිදුවුණු එම විස වායු ප‍්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි සොයා බැලීමය.

සිරියානු රජය පෙරැළීමට සටන් කරන කැරැුලිකරුවන් සහ විපක්ෂ කි‍්‍රයාකාරීන්ට සහාය දක්වන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කියා සිටින්නේ විස වායු යොදා ගනිමින් පහර දුන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදාව කියාය.

එම විස වායු ප‍්‍රහාරයෙන් සිවිල් වැසියෝ 1,700ක් ජීවිතක්ෂයට පත්වූහ. 4,000 ක් රෝගී වූහ. ඒ අතර සිටින බොහෝ දෙනා කුඩා දරුවෝය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් කියා සිටියේ එය මහා මානව සංහාරයක් කියාය.

එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කියා සිටියේ හදිසි නිගමනවලට එළැඹීමෙන් වැළැකී සිදුවුණේ කුමක්දැයි පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියාය.

මහ ලේකම් බෑන් කී මූන්ගේ උපදෙස් පරිදි, එම පරීක්ෂණ කණ්ඩායම ඊයේ සවස එම නගරවල සංචාරය කිරීමට ද නියමිතව තිබුණි.

පරීක්ෂණ කණ්ඩායම සිරියාවට පැමිණ සිටියේ මීට මාස කිහිපයකට පෙරය. ඒ, මීට පෙර ද විස වායු ප‍්‍රහාරයක් එල්ල වූ බවත් ඊට සිරියානු රජය වගකිව යුතු බවත් විපක්ෂ කණ්ඩායම් කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින්ය.
 

පරීක්ෂණ කණ්ඩායම ඩමැස්කස් අගනුවරට පැමිණෙමින් ...
 
පරික්ෂණ කණ්ඩායමට සම්බන්ධ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස

 



අදහස් (0)

සිරියාවේ විස වායු ප‍්‍රහාරය:

විජේ Tuesday, 27 August 2013 10:27 PM

ඉරාකෙට ගැහුවා වගේ සිරියාවටත් ගහන්න දැන් හේතුවක් හැදිලා තියෙනවා. සිරියාවත් ඇවරයිද ? (දී)

:       0       0

පිටිගල Tuesday, 27 August 2013 10:15 PM

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඇමෙරිකාවට. ඉරාකයට කලදේ දැන් ඔප්පු වෙලා තියෙන්නේ.නඩුත් ඇමෙරිකාවේ.බඩුත් ඇමෙරිකාවේ.ඇමෙරිකාව ඉරකයටයි ලිබියවටයි කලදේ ඔය කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කලාද? කන්න ඕනේ උනාම කබරයාත් තලගොයා වෙන ආකල්පයක් අමෙරිඅකවට තියෙන්නේ.ඔය මොකා ඇවිත් පරීක්සන කලත් ඇමෙරිකාවට ඕනේ නම් සිරියාවට ගහනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site